House meet එකෙන් පස්සේ ලොකූ විශේශයක් නැතුව මාසෙකට කිට්ටුවෙන්නම කාලයත් ගෙවිලා ගියා.
..............................................................
" සුදූ ගියා වගේ නෙමේ පරිස්සම් වෙන්න ඕනේ , තේරුනෑනේ කියපු දේ"
"හරි හරි ඕයි තේරුනා "
හිතන් ඉන්නේ මම තාම පොඩි බබෙක් කියලද දන්නේ නෑ.
....................................................................
පහුවෙනිදා අපේ ටියුෂන් clz එකෙන් ට්‍රිප් එකක් යනවා. Group clz එකක් නිසා ලොකුවට ලමයි නෑ. ඔක්කොම ළමයි 50 ක් වගේ තමා ඉන්නේ . මහීෂ අයියලාගේ බැජ් එකයි මේ අවුරුද්දේ අපේ බැජ් එකයි . සර් ගානේමයි ට්‍රිප් එක එක්කන් යන්නේ, දවස් දෙකක ට්‍රිප් එකක්. හෝර්ටන් තැන්නට යනවා කිව්වා පලවෙනි දවසේ.දෙවෙනි දවසේ බලන්න පුලුවන් හැම තැනටම යමු කිව්වා , ඉතින් ඒකට අපේ අයියා උපදෙස් කෝටියක් විතර දීලා තමා යන්න අවසර දුන්නේ. ටශිනි , නෙත්මි , ශෙනුලි , නිමේෂ් , ඕශාන් , නුවන්තර , ශෙනුක අයියා , ශෙවාන් අයියා , නිර්මාල් අයියා ඔය කට්ටියම යනවා ඉතින් . මොකද කට්ටියම කරේ IT නිසා. මටත් යන්න අවසර දුන්නේ විශේශෙන්ම මහීෂ අයියා යන නිසා. අපේ අම්මටත් අයියා එක්කනම් මම කොහෙ හරි යන්නේ ඒකට විතරයි අවසර දෙන්නේ . නැත්තම් ගෙයින් කොහෙටවත් යන්න තහනම්.
"බීප් බීප් බීප්"
"හෙලෝ අයියේ"
"හෙලෝ මැනික....ඔක්කොම බඩු ටික ලෑස්තිද හෙට ගමනට"
"ඇයි ඔයා මටත් එක්ක බඩු ලෑස්ති කරනවා කිව්වේ"
මම බොරුවට අයියව අවුස්සන්න කිව්වේ.
"හරි ඒනම් මන් ලෑස්ති කරන්නම් ඔයාටත් එක්ක"
" මේ මේ එපා සුදූ , මම බොරුවට කිව්වේ.මම බඩු ටික ලෑස්ති කරලා තියෙනේ."
"හාකො හාකො"
"මැනික........"
"ම්ම්ම්ම්"
"අයියා එක්ක කෝල් එකේ දොයියන්නකෝ........."
"ඒ මොකෝ ඒ"
"පුලුවන්ද බෑද කියන්නකෝ"
"අම්මෝ පුලුවන් පුලුවන් නපුරු කොල්ලෝ"
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්‍රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්‍රේමනීය කතාව🌼