"ඒයි මේ!!!!!!!"
"........."
"මොකද අප්පා....තාම තරහද?..ආපු වෙලේ ඉඳන් තාම කතාකරේ නෑ මාත් එක්ක"
"ඔව් තරහයි තමා... ඇයි මොකද ?"
ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිල්ලා නාලා ඇඳුම් මාරු කරන් එනකන්ම අයියා මාත් එක්ක කතාකරේ නම් නෑ. තරහද කියලා ඇහුවමත් එයාගේ අර අති විශාල අතකින් මගේ කට ගාවින් තද කරලා අල්ලලා තරහයි කිව්වා . ඒ අතක් ඇති මගේ මූනෙන් එකක් ම .
"ආව් අයියේ.......රිදුනා ඒක"
"ඇඥේ රිදුනද"
දෙන්න හිතයි ගොටුකොළ පිසාචයාගේ අනාගතේ අඳුරුවෙලා හැඳිගෑවිලා යන්නම ඉතින්....එහෙම කරොත් මටත් පාඩුයිනේ..ඒකයි ඉවසන් ඉන්නේ.
"නැත්තම් ඇහේ ඉඳන් පට්ට ගහලා පහේ ඉඳන් හැට්ට මහලා පාරෙ ඉන්න බල්ලොන්ට අන්දනවා මම මේකව"
"මොනාද මොනාද මුමුණන්නේ ආ?"
"ආ නෑ නෑ..මොකුත් නෑ. කන්න යමුයි කියලා කිව්වේ..අක්කා බලන් ඇති"
තවටිකෙන් ලෙල්ල හුටන් වෙන්නම කනවා මම....හිතන දේ කටින් පයින්නේ ඇයි දන්නේ නෑ අප්පා ... ලෙඩක්ද මට. අනේ මන්දා හැබැයි...ඕන මගුලක් .. කෝම උනත් අයියා මාව අතාරින්නේ නෑනේ.I know it.
අයියයි මායි පහලට ගිහින් කෑම කාලා අක්කා එක්කත් කතා කර කර ඉඳලා ආපහු කාමරේට ඇවිත් ඇදේ පෙරලුනේ චුට්ටක් නිදා ගන්න හිතාගෙන..ඒත් ඉතින් මේ අලි පැටියව යාලු කරගන්නත් එපැයි..තාම අර මොකාද එකා වගේ බුම්මගෙන අනිත් පැත්ත හැරිලා ඉන්නවා.."සුදූ!!!!!!!! මෙහෙට හැරෙන්නකො"
"පාඩුවේ නිදාගන්න දෙනවාකො.........."
"අනේ අප්පා!!!!"
අනේ ඉතින් මංවගේ හාල්මැස්සෙක් මේ සද්දන්ත තල්මසා එක්ක කොහොම ඔට්ටුවෙන්නද. කොච්චර මගේ පැත්තට හරවන්න හැදුවත් මගේ ඇඟේ හාල්මැස්සෝ නටන එක විතරයි වෙන්නේ..
"දැන් හැරෙන්න බෑද ඔයාට?"
"........"
බලමුකො බලමුකො සුදු මාත්තයෝ.....අපිටත් තියෙනවානේ මායම් 128 ක් ම .. තමුසේ කෝමද ඒවගෙම් බේරෙන්නේ බලමුකෝ..
"අනේ හැරෙන්නකෝ රත්තරං...... නැත්තම් මම අඬනවා"
"ඉතින් අඬහන්....මට පුප ද... කොහොමත් දන්නේ වැලහින්න වගේ අඬන්න විතරනේ"
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්රේමනීය කතාව🌼