...පොට්ට පැස්බරාගේ පුප... par 9

97 11 1
                                    

"සුදූ නැගිටින්නකෝ , දැන් 7 ත් පහු වෙලා ලමයෝ . කෝ කෝ නැගිටින්න දැන්"

මේ හිවල් පැටියා පුපත් උඩ දාගෙන මට තුරුල් වෙලා තාම නිදි. මට නැගිටින්නත් නෑ බදාගෙන ඉන්න නිසා.

"අයියේ ඕයි නැගිටිනවකෝ අප්පා."

" අනේ මැනික , තවචුට්ටක් ඔයා ගාව ඉන්න දෙන්නකෝ අප්පා"

අනේ මේ මිනිහත් පොඩි එකා වෙන්න දඟලනවනේ ඉතින්.

" නෑ නෑ කෝ නැගිටින්න නැගිටින්න , දැන් ඇති නිදා ගත්තා. මගේ ඇඳුම් ගේන්න යන්නත් ඕනි."

කෝම හරි මේ අලි පැටියවත් නැගිට්ටෝගෙන ගිහින් ලෑස්ති වෙලා ආවා.

"මැනික පහලට යමු , මට නම් දැන් බඩගිනී"

"ම්ම්ම්, යමුකෝ"

අපි පහලට ගිහින් බලද්දි කන්න තරම් දෙයක් තිබ්බේ නෑ .

"අයියෝ බඩු ඔක්කොම ඉවර වෙලා මැනික. ඉන්නකෝ අපි මොනා හරි ඕඩර් කරමු"

" ඒක නෙමේ අයියේ , කෝ ඔයාගේ අම්මලා, ගෙදර කවුරුත් නැද්ද?"

ගෙදර කවුරුත් ම පේන්න හිටපු නැති නිසායි මම අයියගෙන් ඇහුවේ.

" ගෙදර වැඩට එන ඇන්ටි නම් ඉන්නවා . එයා තමා වෙනදට කෑම හදන්නේ. මං එයාට මේ ටිකේ එන්න එපා කිව්වා."

" ඒ මොකද එන්න එපා කිව්වේ"

" තමුසේ එක්ක මේ දවස් ටිකේ තනියම නිදහසේ ඉන්න ඕනෙ නිසා"

පෙනේද මේකාගේ තරම, අප්‍රිකන් කැලෑ සුනකයා.

"එතකොට අම්මයි තාත්තයි , අක්කෙකුත් ඉන්නෝ නේද?"

මහීෂ අයියට අක්කා කෙනෙක් ඉන්නවා කියලා මං අහලා තියෙනවා , ඒකයි ඇහුවේ.

" අර ප්‍රශ්නෙන් පස්සේ තාත්තා අම්මවා එක්කන් italy ගියා, ඒ නිසා දැන් ඉතින් මට පාඩුවේ ඉන්න පුලුවන්"

මාර දෙමව්පියෝ තමා , ඒ වගේ පොඩි දේකට මේම සලකන්නේ මොකටද. මොලේ පෙන්නන්න එක්කන් ගියා නම් හරි.

"එතකොට අක්කා?"

" අක්කා අර නැති උන සීයලාගේ මලගෙදර ගියා , එයා අද එයි සමහර විට"

" මම මෙහෙ ඉද්දි අක්කා මොනා හිතයිද?"

" ආයේ හිතන්න දෙයක් නෑ , ඒකි දන්නවා ඔක්කොම "

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now