" ඒ බං තරූ...උබ අයියා එක්ක කතා කරාද?"
" නැහැ බං..පාඩම් කරන නිසා කරදර කරන්න් ගියේ නෑ මං. එයා වැඩ ඉවර උනාම කතාකරනකම් ඉන්නවා මම"
"මාත් වැඩිය මැසේජ් දාන්න ගියේ නෑ . මොනා උනත් ඒ දෙන්නා exam ගොඩ දාගන්නත් ඕනනේ."
මේ සිරාවටම ද නිමේෂයාද යකො. වෙනදට පැස්බරාට විනාඩි පහකටවත් මැසේජ් නොදා ඉන්නේ නැති මූ , මෙන්න දැන් වැඩිය කතාකරන්නේ නෑලු. දෙයියොම බලන්න ඕනේ මේ හාස්කම්.
" මොකද උබ කල්පනා කරන්නේ?"
" ආ...නෑ නෑ මොකුත් නෑ බං"
මායි නිමේෂුයි කතා කර කර හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. මහීෂ අයියලාගේ බැජ් එක විභාගෙට ලැස්ති වෙන නිසා අන්තිම දවස එයාලට උගන්වනවා. ඒ නිසා අපිට ගොඩක් මිස්ලා ආවේ නෑ උගන්නන්න.
" ඔයාලා ලොකු වැඩක් ද?"
මගෙ උරහිසක් බර උනේ කවුරු හරි අත තියද්දි. මං හැරිලා බලද්දි මහීෂ අයියයි ශෙනුක අයියයි පිටිපස්සේ.
" එහෙම මොකුත් නෑ අයියේ..අපි මේ නිකම් හිටියේ..ඒක නෙමේ ඔයාලට උගන්නන්නේ නැද්ද එලියේ කැරකෙන්නේ?"
"අපි ආවේ කන්න..බඩගිනියි හොඳටම"
"දැන් ඉන්ටවල් ද?"
"ඔව්..ඇයි මොන ලෝකෙද හිටියේ.දැන් බෙල් එක ගහලත් විනාඩි දහයක් වගේ"
මායි නිමේෂුයි කතාවක හිටපු නිසා සිරාවටම බෙල් එක ගහනවා ඇහුනේ නෑ. ඉතින් ඊට පස්සේ අයියලා දෙන්නවත් එක්කගෙන අපො ආවේ උඩ තට්ටුවේ තිබුන අපේ පංතියට. මේ කාලේ ලමයි ඉස්කෝලෙ එන්නේ නෑ ටියුශන්ම තමා යන්නේ. ඉස්කෝලේ එන උනුත් අරවා අස්සෙයි මේවා අස්සෙයි රිංග රිංග ඉන්නවා මිසක් පංතියට එන්නේ නෑ. ඔතින් අපි පංතියට ආවේ නිදහසේ ක්න්න පුලුවන් නිසා. කොහොමත් අපෙ මිනිස්සු දෙන්නා නම් දැන් කෑම ගේන එක නතර කරලායි තිබ්බේ බෑග් එකේ උස්සන් එන්න බෑ කියලා. ඒකෙන් උනේ මගේයි නිමේෂ්ගෙයි කෑම එක ලොකු උන එක. උන් දෙන්නට කෑම ගේන්නෙත් දැන් අපි දෙන්නා. මුලින් ම ගත්තේ නිමේෂයාගේ කැම එක.
" හරියට කට අරිනවකො සුදූ..චුට්ටන් බට්ටිච්චා වගේ චුට්ටක් කට ඇරියම කවන්න බෑනේ"
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්රේමනීය කතාව🌼