part 35.

8 3 0
                                    

" සුදූ නැගිටින්න.දැන් රෑවෙලා හොඳටම"

"අනේ බෑ..තව ටිකක් නිදාගන්න ඕනේ"

ඉස්කෝලේ ගිහින් ඇවිත් මහන්සියි කියලා නිදාගත්තු මනුස්සයාව මම නැගිට්ටවන්න හැදුවේ රෑ හතත් පහුවෙලා නිසා.

"බෑ බෑ නෙමේ.පාඩම් කරන්නේ නැද්ද. විභාගෙට තව සතියක් වගේ නේද තියෙන්නේ. ඔහොම හිටියම පාස්වෙයිද?"

"අනේ අප්පා"

"අනේ ඉතින් හොඳ බබාවගේ නැගිටලා මූන සෝදන් ඇවිත් පාඩම් කරන්නකෝ"

කොහොම හරි අයියවත් නැගිට්ටවලා මාත් ගිහින් මූන සෝදන් ඇවිත් පහලට ගිහින් අයියට තේ එකක් හදන් ඇවිත් පාඩම් මේසේ වැඩ කර කර හිටපු අයියා ගාවින් තිබ්බා.

"බබා....ඔයා බොන්නේ නැද්ද?"

"මම පස්සේ බොන්නම්...සුදු බොන්නකෝ"

"කෝ එන්නකෝ දෙන්නම මේකෙන් බොමු"

"මං පස්සේ බොන්නම් අයියෙ..ඔයා බොන්නකෝ"

ඒක ඇහුනා විතරයි අයියා මූන හට්ටියක් කරගෙන මං දිහා බලාගෙන හිටියා.

"ඇයි බොන්න බැරි??..මං කට ගාපු එකෙන් බොන්න අප්පිරියද?"

"අම්මෝ..නෑ නෑ අනේ පිස්සුද...කෝ බීලා දෙන්නකෝ බොන්නම් මම"

"ම්ම්ම්"

එක හුස්මට තේකෙන් බාගයක් ම බීගෙම බීගෙන ගිහින් ඉතුරු ටික මගේ අතට දුන්න...අම්මපා කට පිච්චෙන්නෙ නැද්ද දන්නේ නෑ මේ මනුස්සයාගේ...මං වගේ නම් ඔය තේක පැයක් වත් චුට්ට චුට්ට බිබී ඉඳීවී.ඒකට මේ මිනිහා.

"බීප් බීප් බීප්"

" මැනික ඔයාට කෝල් එකක්"

අයියගේ එහාපැත්තේ චාජරේට ගහල තිබුන මගෙ පෝන් එක අරං අයියා මගේ පැත්තට දික් කරා.

" හෙලෝ නිමේෂ්"

" හෙලෝ සුදු මාතියා"

"ඇයි උබ දෙමලද.විකාර නැතුව කියහන්"

"හෙට ඉස්කෝලේ යනවද බං?"

"නැහැ බං.උබ යනවද??."

"උබ යන්නේ නැත්තම් මම යන්නෙත් නෑ..ඇයි උබ යන්නේ නැත්තේ"

අයියට පාඩුවේ පාඩම් කරගන්න දීලා මම කාමරේ වහගෙන පහලට ඇවිත් සෝෆා එකේ වාඩි උනා.

You've reached the end of published parts.

⏰ Last updated: 11 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

...ප්‍රේමයේ නමින් ප්‍රාර්ථනයක්...Where stories live. Discover now