අම්මලත් ගෙදර ආවා. ඉතින් මහීෂ අයියාව හම්බුනෙත් ඉස්කෝලෙදි විතරයි. ඉස්කෝලෙ යනවා houses වල වැඩ කරනවා ගෙදර එනවා ආයේ හවස් වෙලා ඉස්කෝලෙට ගිහින් නිවාස හදනවා , ඉතින් ඔය විදිහට දින සති හරි ඉක්මනට ම ගෙවිලා ගිහින් හැමෝම බලන් හුටපු දවස ලං උනා.
" පුතා නැගිටින්න , මේ ඔයාට කෝල් එකක් "
අම්මා ඇවිත් මට කතාකරලා , මගේ අතට පෝන් එක දුන්නා. මම පෝන් එක අරන් කනේ තියා ගත්තා.
"නැගිටලා කතා කරපිය ඔය ලමයා එක්ක "
අති විශාලා ප්‍රහාරයක් මාගේ පිටුපස ප්‍රදේශට එල්ල උනේ අපේ අම්මගෙන්. බැලින්නම් මම පෝන් එක කනේ තියාගෙන ආයෙත් නිදි.
"හරි හරි අනේ............... , ඔයා යන්න මම කතා කරන්නම්"
අම්මව යවලා මම අයියා එක්ක කතාකරා .
"හෙලෝ අයියේ , good morning ."
"Good morning මැනික. කෑවා නේද උදේම අම්මගෙන් පාරක්....හේ හේ"
"තමුසෙට හිනා...මටනේ රිදුනේ..."
"හරි හරි සොරි"
"ම්ම්ම්.......මොකෝ උදෙන් ම ගත්තේ ඉතිම් "
"මගේ මැනිකව මතක් උන නිසා."
"හාකො හකෝ ඉතින්"
"ඇත්ත චූටි මම කිව්වේ , ඒක නේමේ......දැන් නැගිටලා මූන සෝදන් ලෑස්ති වෙලා ඉන්න මම එනෝ එක්කන් යන්න "
"එක්කන් යන්න......ඒ කොහෙද , අද ඉස්කෝලෙට යන්නෙත් නෑ කිව්වා නේද?"
" ඔව් ඔව් ඉස්කෝලෙට යන්නේ නෑ . එතන වැඩ බලාගන්න කට්ටිය ඉන්නවා ."
"ඒනම් ඇයි එක්කන් යන්න එන්නේ?"
" අද ඔයා ඉන්නේ අපේ ගෙදර , ඒකයි"
"ඇත්තටමද කියන්නේ"
ඒ වචන ටික ඇහුන ගමන් මට පුදුම සතුටක් දැනුනේ. මට ආයේ ඒ මොඩයා ගාව ඉන්න පුලුවන් කියලා දැනගත්තාම , මට පුදුම සතුටක් දැනුනේ.
"ඔව් ඔව් ලමයෝ . හෙට meet එක නිසා වැඩ ගොඩක් තියෙනවා කරන්න අද. නිමේෂ් මල්ලියි , ඔශාන් මල්ලියි ශෙනුකයයි ශෙවානුයි එක්කගෙන එන්නම් කිව්වා. ඒ එක්කම සංක මල්ලිවත් එක්කන් එයි. නිර්මාලයත් එනවා කිව්වා."
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්‍රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්‍රේමනීය කතාව🌼