...කලා උලෙල...

240 19 1
                                    

"චූටි නැගිටලා එන්න. අද ඉස්කෝලෙ යන්න ඕනා නේද?"

"නැගිටලා ඉන්නේ, මේ එනෝ"

උදෙන් ම නැගිටලා ගිහින් ඇගපත හොඉදන් ආවෙ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න.

"බීප් බීප්"

ඒ ගමන මොකාද mg දාන්නෙ .

" තරූ උඹ එනවා නේද? මං දැන් යනවා ඉස්කෝලෙට . උබත් වරෙන් දැන්"

යකො තාම 6.40 යි. නිමේයටත් වෙන වැඩක් නෑනෙ මේ උදේම ඉස්කෝලෙ අස්සෙ රිංගන්න යන්නෙ.

" හරි හරි බං මාත් එනවා , උබ යමන් "

අරුන් දෙන්නටත් මූ mg දාලා අනිවා එන්න කියන්න ඇති. ඔන්න ඔහේ යං අව්ලක් නැ එක්කො.

" අයියේ!!! මාව ගිහින් දාල එන්නකො!!"

"දැම්ම මොකද ? තාම 7.00 ට වත් නෑනෙ"

මුටත් ඕනි නැති රෙද්දක් නෑ හිවලා.

"අද ටිකක් කලින් යන්න ඕනෙ . තමුසෙ පැහෙන්නෙ නැතුව ගිහින් දානවකො"

"අම්මේ මං ගිහින් එන්නම්"

"හරි හරි පරිස්සමෙන් ගිහින් එන්න. ජේසු පිහිටයි. කෑම එක?"

"ඕනි නෑ , අද කලින් එන්න පුලුවන් වෙයි අම්මේ"

"ම්ම්ම් එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න"

කලින් එන්න පුලුවන් වෙයි කිව්වට එන්න දෙයිව්ද දන්නෙ නෑ පිනා.

"නැගපන් යං"

මුට තියෙන කඩි ගාය යකො. කෝච්චියක් අල්ලන්න යනවා කියලද දන්නෙ නෑ හිතන් ඉන්නෙ.

"ඉන්ඩ එනෝ!!! ආ හරි යං"

"හරියට ඉඳගත්තද?"

හරි යං කිව්වමත් රෙද්දක් අහනවා.

"ඔව් ඔව් යමු"

මූව දාන්න තේබ්බෙ රේස් පදින්න . අනිත් දවසෙ මූ එක්ක යනවනම් අන්තින කැමත්ත ලියල තියලා තමා එන්න ඕනෙ.

"බැහැපං බැහැපං සුදූ ඉතින් දැන්"

මුට කී පාරක් කියලා තියේද පිට තැනකදී මට සුදූ කියන්න එපා කියලා. මල්ලි තමා ඒ උනත් පිට තැනකදි එහෙම ඕනෙ නෑනෙ කියන්න. ශික් ඉස්කෝලෙ එන උනුත් බලන් ඉන්නවා.ලැජ්ජාවේ බෑ.කියන්නෙ නැ ඉතින් තොට බස්සන එක මං කැහැටු කොබෙයියා.

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now