part 32.

61 9 0
                                    

" කොහෙද අයියේ ඔයාලා ගියේ කියන්නෙවත් නැතුව...... අපි කොච්චර වෙලා නම් බලන් හිටියද??"

"පොඩි ගමනක් ගියා මැනික..."

"කොහෙද ගියේ?"

ඒකට අයියා මොකුත් නොකියා  මටයි නිමෙෂ්ටයි එයාලා ගෙනාපු ලොකූ කැන්ඩෝස් චොක්ලට් බාර් දෙකක් දුන්නා..ඒත් මට නම් සැකයි... මේ මිනිස්සු දෙන්නා වෙන මොකක් හරි අඩව්වක් අල්ලන්න තමා හදන්නේ....අයියලා මටයි නිමේෂ්ටයි ඉන්න කියලා බෑග් එකකුත් අරං කාමරේට ගියා..බලමුකො බලමුකෝ................අපිටත් ඇස් කන් තියෙනවානේ මහත්තයෝ....

"ඒ මොකද තරූ උන් දෙන්නට වෙලා තියෙන්නේ.."

"කව්ද බං දන්නේ..."

" මුන් දෙන්නා බොන්නවත්ද දන්නේ නෑ හදන්නේ තරූ"

" මටත් හිතුනා හොරගල් අහුලද්දි..බලමුකො බලමුකො"

මම ටිකක්වෙලා ඉඳලා කාමරේට ගිහින් අයියා ගෙනත් දුන්න චොක්ලට එක කාමරේ තියෙන පොඩි ෆ්‍රිජ් එකට දාන්න හැදුවේ දැන් ම කන්න බැරි නිසයි. නිමේෂයා නම් ඒක ගිල ගිල හිටියා හත් අවුරුද්දකින් කාලා නෑ වගේ..

"මැනික ඔහොම ඉන්න....."

අයියා ඇවිත් මගේ අතේ තිබ්බ චොක්ලට් බාර් එක ඇදලා ගත්තා..

"ඇයි?"

"ඇයි මේක කන්නේ නැද්ද.... මේ ෆ්ලේවර් එකට ආස නැද්ද ඔයා"

"අනේ එහෙම එකක නෙමේ.මං ආසයි ඕකට.දැන් කන්න බැරි නිසයි ෆ්‍රිජ් එකට දාන්න යන්නේ"

"ෆ්‍රිජ් එකට දාන්න ඕනේ නෑ..දැන් කන්න ඉතින් "

අයියා ෆ්‍රිජ් එකේ දොරට අත තියාගෙන තද කරගත්තා...ශුවර් එකට මේක අස්සෙ මොනා හරි ගහලා ඇති...අනේ මාව තම්බන්න ඔය ගෑස් මදි රත්තරං .

"කෝ අයින් වෙනවා පැත්තකට..."

මම අයියව තල්ලු කරලා ෆ්‍රිජ් එකේ දොර ඇරියා....බෝතල් හතරයි බියර් ටින් හතරකුයි ඒක අස්සේ..

"සුදූ!!!!!!!!!!!!"

"අනේ කෑ ගහන්න එපා ඉතින් "

"මොනාටද මේවා ගෙනාවේ...."

"ඕවගෙන් වෙන එකක් කරන්න බෑනේ...බොන්න ගෙනාවේ.."

"මේ ඔක්කොම ඔයාටයි ශෙනුක අයියටයි බොන්න පුලුවන්ද හරක් පැටියො"

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now