"අඩේ හිපපොටේමස් නැගිට්ලා එනවා හලෝ . මේ වගේ වෙලාවක් කුම්බකරණ නැකතින් ඉපදුනා වගේ පතබෑවිලා ඉන්නෙ. වරෙන් එලියට"
කියලා අයියගේ පිටටත් රත්වෙන්න ම පාරක් දීලා ඉක්මනට අයියගෙ කාමරෙන් එලියට දුවන් මිදුලට ආවෙ අයියා මාව මරන්න වගේ පස්සෙන් එලවන් ආපු නුසයි.
"මොකද බං උබල දෙන්නට වෙලා තියෙන්නෙ. අලුත් අව්රුද්දෙත් මරාගන්නෙ පොඩි උන් වගේ. දෙන්නම පැත්තකට වෙනවලා"
කියලා අම්ම ඖමිහිරි වචන පිට කරේ මගෙයි අයියගෙයි ගොන් පාට් බලන්න ඉන්න බැරුවමයි. අනික අද අලුත් අව්රුදුත් නිසා.
"මේ කැහුටු හිවලා ව නම් හදන්න බෑ අම්මෙ. පෙනේද මූන . අදවත් පොඩ්ඩක් හිනාවෙලා ඉදිම් කෝ ඕයි අයියේ."
මං අයියටත් බැන බැන ගියේ මූ නිකම් මූණ පුප වගේ කරන් හිටපු නිසයි. කාමරේට ගිහින් මන් කරේ අයියා ගෙනත් තිබ්බ අහස්කූරු බන්ඩලෙයි රතිඤ්ඤා යි අරගෙන එලොයට ආපු එක. එක ගෙනත් මං ඒ ටික අයියට දුන්නෙ
"බකන් නිලාගෙන ඉන්නෙ නැතුව මේ ටිකවත් අරං පත්තු කරනවා ගිහින්"
කියලා කියන ගමන් මයි.
"මට දෙන්නෙ උඹ ගිහින් පත්තු කරාම්කො ඉතින්."
කියලා අයියා කිව්වෙ මට අහස් කූරු මිටිය දික් කරන ගමන්.
"පත්තු කරන්න බෑ නම් ගිහින් තියනවා ඇතුලෙන්. මේ පොඩි එකාට ඕවා කරන්න පුලුවන් ද?"
අම්මත් මගේ පැත්තට සපෝර්ට් එකට කිව්වෙ මගේ මූනෙ අයියට අමුතු විදිහේ කුප්ප හිනාවක් ඇති කරන ගමන්මයි.😁
"පොඩි? හොඳ පොඩි. අම්මා තාමා මූව හුරතල් කරන්නෙ. ඇට ගෙම්බා."
"ඔව් ඔව් උර්තල් තමා උර්තල්, ඇයි උබට රිදෙනවද කොස් ඇට කිඹුලෝ."
අයියටත් අනිත් පැත්තට එක එක නම් කියලා දෙන්නම කෝම හරි අම්මගෙන් ටොකු දෙකකුත් කෑව. කෝම හරි අපි දෙන්නව පැත්තකට කරලා අම්මා ලිප ගිනි මොලවන්න ලිප හදලා කිරි මුට්ටිය ලිපෙන් තියලා රෑ 12.00 වෙනකන් බලාගෙන හිටියා.
"අම්මේ!!!!!! වෙලාව හරේ!!!!"
කියලා යටිගිරියෙන් කෑ ගහගෙන එද්දි ඒ සද්දෙට අම්මා ලිප ගිනි මොලවලා ලිපට වැන්දා.
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්රේමනීය කතාව🌼