part 24

61 8 0
                                    

"පොඩී.... චුට්ටක් එන්න මෙහෙට"

අක්කා අයියාව එක්කගෙන කුස්සිය පැත්තට ගියා. අනේ ඉතින් මගේ බෝයිපෙන් යද්දි බෝල පුප වැනවා වැනිල්ලක් පාත්තයෝ ඇවිදිද්දි උන්ගේ පුප වැනෙනවා වගේ. අයියෝ ට්‍රිප් ගිහින් එද්දී ඔය පාත්ත කතාව මේකාට ඇහෙන්න කියලා එනකම්ම ටොකු කෑවා නේම්ත තරූ පුම්තේ , දැන්වත් ඔය කතාව නවත්ත ගනින් තරු පුතේ. අම්මෝ ආයේ නම් ඔය පාත්ත කතාව මතකෙට වත් එන්නඩ එපා මට ඒස්වාහ් පුක්...  සැක්..ඒක කිව්ව සද්දෙ තමා කැත හැබැයි...
කෝමද දන්නෙනෑ ඔච්චර පුප ලොකු කරගත්තේ..... කෝ බලන්න මගේ.....ම්ම්ම් ... ඔය තියෙන්නේ අපූරුවට අව්ලක් නෑ....

"චූටී ........ එන්න කෑම කන්න."

ආනා....මාගේ දිවා භෝජනය සූදානම් කරලා වගේ මගේ නෑනන්ඩි.

" මේ එනෝ අක්කේ"

මාත් ශනික දුවන් ගිහින් අක්කාගේ අතේ එල්ලුනා. අක්කා මගේ ඔලුව අතගාලා හිනා උනා.

"අයින් වෙනවා පැත්තකට...මේ මගේ අක්කා"

මහීෂ අයියා මාව ඇදලා අරං පැත්තකට කරලා අයියා අක්කාගේ අතේ එල්ලුනා.

"ඊරිසියාව ඊරිසියාව...තමුසෙට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව"

"ඔව් ඔව් ඊරිසියයි තමා. ඇයි මොකෝ"

" අනේ ඉතින් තියාගන්නවා කව්ද අක්කව ඉල්ලුවේ...කොහොමත් අන්සතු දේපල මම තියාගන්නේ නෑ."

මම අයියටත් රවලා බෙදලා තිබ්බ කෑම එක අරගෙන ගිහින් සාලේ සෝෆා එකෙන් වාඩි උනා.

"ඇයි ඕක අරං සාලෙට ගියේ..... මේ එනවා කෑම මේසෙට"

"මට බෑ......තනියම ඉන්න එක මට හොඳයි"

ආපහු අයියට රවලා ගෙනාපු කෑම එක කන්න ගත්තා. මොනා උනත් අක්කාගේ අත්ගුනේ නම් මරු...

"තමුසෙට ඒ ළමයාව අවුස්සන්නේ නැතුව ඉන්නම බෑද පොඩී?"

" මම කොහෙද ඇවිස්සුවේ.."

"ඇවිස්සුවේ නෑ නිකම්"

අක්කා අයියාට බැනලා එයත් කෑම එක අරං ඇවිත් මට එහා පැත්තෙන් ඉඳගත්තා.. අක්කායි මායි පාඩුවේ සාමදානව කන්න ගත්තා.

"කෝ මැද්දට යනවා පොඩ්ඩක්"

හිඟන්නගේ පාත්තරේට හෙනහුරා කඩා පැන්නා වගේ...මේ මහ පගයත් ඇවිත් මට මෙහා පැත්තෙන් වාඩි උනා.

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now