part 34..

94 7 1
                                    

"තරූ!!!!! කොහෙද බං හිටියේ?...මම කොච්චර නම් හෙව්වද උබව.."

"මම මෙතනමයි හිටියේ සංක...මම කොහෙවත් ගියෙ නෑ වෙන"

මම හිටියේ ඉස්කෝලේ බිස්කට් ගහ යට හදලා තිබුනු ගල් බංකු වලට වෙලා IT නෝට් වගයක් ලියන ගමන්. සංකයා දුවන් ඇවිත් හති දදා මං ගාවින් ඉඳගත්තා.

"මං උබව හැමතැන ම හෙව්වා සුදු"

"ඒ මොකද ඒ.?"

"මහීෂ අයි-..ආ අර එන්නේ කියනකොටම උබේ ප්‍රේමබෘංග රාජයා"

මම ලිය ලිය හිටපු නෝට් එක පැත්තකින් තියලා ඉසරහා බලද්දි මහීෂ අයියා අපි ඉන්න පැත්තට එනවා සාක්කුවට අත්දෙකකුත් දාගෙන. උදේ ඉඳන්ම අයියා පේන්න හිටියේ නැ  .volleyball match එකකට ළමයිව practice කරන්න ඔනේ කියලා උදේ ඉඳන් sport club එකේ හිටියේ. අයියා එහෙම්මම ඇවිත් මං ගාවින් වාඩිවෙලා මට හේත්තු උනා. දාඩිය නාලා මේ බූරුවා.ඊටපස්සේ සංකත් ගියා ශෙවාන් අයියව හොයාගන්න ඕනේ කියලා.

"ඔයා වැඩද මැනික?"

"නෑ අයියේ .. පරණ නෝට් වගයක් ලිය ලිය හිටියේ"

".........."

"මහන්සිද අයියේ ඔයාට?"

"ම්ම්ම් ඔව් මැනික..හුඟක් මහන්සියි...ගෙදර ගිය ගමන් අද නිදාගන්න ඕනේ.."

"ම්ම් ඒමද...එහෙනම් ගෙදර ගිය ගමන් මට mg එකක් දාලා , නාලා , කාලා ආපහු mg එකක් දාලා නිදාගන්න හරිද"

"අද ඔයාට clz ද ?"

" අද සඳුදා නේ....ම්ම්ම්...අද නම් පංති නෑ හැබැයි මට"

"ඒනම් අද අපේ ගෙදර යමුකෝ..මට ඔයා ගාව නිදාගන්න ඕනේ.ප්ලීස් බබා"

"ඒත් මම අම්මට කිව්වේ නෑනේ අයියේ"

"ගෙදර ගිහින් අම්මට කෝල් කරලා කියමු..ඔයා පෝන් එක ගෙනාවද අද ?"

"ම්ම් ඔව් . බෑග් එකේ තියෙනවා"

"බෑග් එක කෝ....කොහෙද තිබ්බේ බූරූවෝ?"

අයියා ඔරෝලා මගෙන් ඇහුවේ කවුරු හරි බෑග් එක ඇද්දොත් පෝන් එක අහුවෙන නිසා..

"අයියෝ බය වෙන්න එපා ලමයෝ ... මගේ බෑග් එකේ නෙමේ... ඔයාගේ බෑග් එකේ තියෙන්නේ පෝන් එක...ඔයාගේ එක කවුරුත් අදින්නේ නෑනේ.ඒ නිසා ඔයාගෙ එකට දැම්මා..තමුසේ හුතුවේ මම මෝඩයි කියලද??"

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now