" අනේ මැනික ආයේ කිස් කරමුකෝ"
මූ මගුලක් කියෝනවා පොඩි එකෙක් වගේ.
" අයියේ පිටිපස්ස බලපන්"
මන් අයියට ඇහෙන්න හිමීට කිව්වේ ඇහෙන් පිටිපස්ස පෙන්නන ගමන්. අයියත් එක පාර පිටිපස්ස හැරිලා බැලුවා. අක්කා දොර ගාව ඉඳන් අතින් කට තද කරන් මහීෂ අයියා දිහා බලන් හිනා වෙනවා.
"අක්කේ!!! මොනාද ඕයි කරන්නේ , කාමරේකට එද්දි තට්ටු කරලා එනවකෝ"
මහිෂ අයියා ලැජ්ජාවෙන් වගේ අක්කට කිව්වේ මගේ පපුවට මූණ තද කරගෙන තුරුල් වෙන ගමන්. මටත් ලැජ්ජාවේ බෑ. උඩ තට්ටුවත් කඩාගෙන පහලට වැටිලා පහල අත්තිවාරමත් හාරගෙන පොලොවේ වැලලෙන්න හිතුනා මට.
"අනේ ඉතින් තට්ටු කරන්නත් බං දොර වහලා තියෙන්න එපැයි පොඩී , අනිත් දවසේ දොර වහගනින් "
කියලා අක්කා හයියෙන් හිනා උනා.
"හරි උඹ මොකද දැන් හිනා වෙන්නෙ ?"
මූණ හරෝලා මහීෂ අයියා අක්කගෙන් ඇහුවේ අක්කාට ඔරවලා. මේ හිවලගේ මූන දැකලා මටත් හිනා ගියා. මූණ රෝස ම රෝස පාට වෙලා. ලැජ්ජාවෙද කොයිද.
" නෑ නෑ මං මේ බැලුවේ , හැමෝටම චන්ඩි පාට් දාන ලොකු මහත්තයා , අපේ චූටි ගාව නිකන් පොඩි බබෙක් වගේ වෙනවනේ. ඉතින් හිනා යන එකත් සාදාරණ නැද්ද යකෝ"
" අනේ පල පල අක්කේ , ඇයි දැන් උබ ආවේ කියපන්කෝ"
" ආ කියන්න ආපු එකත් අමතක උනානේ උබේ බබා පාට් දැකලා , අන්න උබේ යාලුවා කතා කරලා කිව්වා හවසට චුට්ටක් JBL එක ගෙනත් දෙන්න කියන්න කියලා , දැන් වත් උබේ ඔය අට මගලේ චාජරේට ගහපන්"
"හා හා දැන් යමන් ඉතින් , ආ මේ යන ගමන් දොර වහන් පලයන් ඈ , හොඳ අක්කනේ"
අක්කා ආපහු මහීෂ අයියට හිනා වෙන ගමන් දොර වහගෙන ගියා.
" ශික් මේකිත් ඇවිල්ලා කෑවනේ mood එක , තමුසේ මොකද හිනා වෙන්නේ"
" ආ දෙයියනේ මට හිනා වෙන්නවත් බෑද ?"
"බෑ තමා"
" අනේ යමන් බං අයියේ යන්න"
" මොකක් ද කියන්නෙ ආ.............."
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්‍රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්‍රේමනීය කතාව🌼