" තරූ , ඔයා පරිස්සමෙන් ගෙදර ගියාද? ගිහින් mg එකක් දාන්න"
අම්මට සිරි මේ අර number එක නේද.sure එකටම අර මහීෂ කියන තායිවාන් පොල් කෑදැත්තා වෙන්න ඇති. දන්නෙ නෑ වගේ mg කරන්න ඕනෙ.
" ඔව් මම ගෙදර නම් ආවා , ඒත් ඔයා කව්ද? ඇයි මං ගැන හොයලා බලන්නෙ?"
"ම්ම්, මං හිතුවේ මේ වෙද්දිත් ඔයා මං කව්ද කියලා දන්නවා ඇති කියාලා,sorry disturb කරාට"
අනා පව් අප්පා මේ චිම්පංසියාට දුක හිතිලද මංදා.
" නැ නෑ මට disturb උනේ නැ. ඒත් කියන්නකො අප්පා ඔයා කව්ද කියලා"
අනේ typing typing මෝඩයා.🤭
"සිරාවට ම මං ගැන දන්නෙ නැද්ද තාම 😢"
දන්නවා දන්නවා ගොටුකොළ පිසාචයෝ දන්නවා මම. ඒත් තමුසෙගෙ කටින් ම දැනගන්න ඕනෙ මට.
"නෑනෙ , අගය නොකර කියන්නකො අප්පා"
මොනා උනත් mg දාපු ගමන් seen කරනවා පොර.
" මම මහීෂ අයියා තරූ."
ආ ඔය කිව්වෙ අපූරුවට 🤭.
"ආ අයියේ කෝමද , කලින් කියන්න එපැයි තමුසෙ කියලා ඒනම් මේම හුරතල් ගතියෙන් mg කරන්නෙ නෑනෙ sorry ඕයි"
මූ කෝම rp කරයිද දන්නෙ නෑ ඕකට .
"අයියෝ ඒකට කමක් නෑ . මං කැමති ඔයා ඒම mg කරනවට 😩💗"
අප්පද බොල . මේ අපේ ඉස්කෝලෙ මහීෂ අයියමද. පොඩ්ඩ බැරිවෙන්න බෑ මල පයිනවනෙ මුට. මා දකින්නෙ ස්වප්නයක් ද? කොනිත්තගෙනවත් බලන්න ඕනෙ, ආව් නෑ නෑ මේක ඇත්තක් අපරාදෙ කොනිත්තගත්තෙ මගෙ මොඩ කමට.
"ඒ මේ සිරාවට ම මහීෂ අයියමද?"
" නෑ තොපේ ............. ඉතුරු එක හිතා ගනින්"
ආ හරි හරි මේ ඒ හිවලා තමා . දැන් sure.
" නෑ නෑ ඉතින් ඉස්කෝලෙ ඉන්නෙ මැරයා වගේනෙ, ඒකයි බැලුවා මොකාද මේ හා පැටියා කියලා"
වෙන නමක් කියලා ආයෙ ඉස්කෝලෙ යන්න බැරි කමටයි හාවා කිව්වෙ , නැත්තම් දනී ගං කබරයට කියන නම මං.
" ඉස්කෝලෙදි මෙහෙම ඉන්න බෑ ඕයි. දන්නවනෙ පොඩි උන්ගෙ හැටි. කෑ ගැහුවෙ නැත්තම් උන් බය වෙලා ඉන්නෙ නෑ.
YOU ARE READING
🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼
Romance🌼සුන්දර ප්‍රේමයක් සොයා යන අහිංසකයෙකුගේ ප්‍රේමනීය කතාව🌼