Next Day ,
Secret's POV
At SNU ,
නත්තල් නිවාඩුවෙන් පස්සෙ college එක පටන්ගෙන දෙවෙනි දවස අද... මම හිටියෙ අපේ claasroom එකෙන් පිටත සිරි නරඹන ගමන්... එහෙම නැතුව මාව Claas එකෙන් එළියට දාපු නිසා නෙවෙයි...
-"Hi Secret... අදත් ඔයාව ක්ලාස් එකෙන් එළියට දැම්මද?"
ඔය ඉතින්... නම්බුව තියාගන්න දෙන්නෙම නෑ මේ Uni එකේ ඉන්න නැට්ටිච්චියො...
මගේ ළඟින් ගියපු Girl කෙනෙක් එහෙම කිව්වම මං දත් තිස් දෙකම දාලා හිනාවුණෙ වෙන කරන්න දෙයක් නැතිකමට...
විනාඩි දහයක් පහළොවක් විතර විසිල් එකකුත් ගහගෙන ආතල් එකේ හිටපු මම දැක්කෙ කොරිඩෝව දිගේ මං ඉන්න පැත්තට එන මගේ සත්‍ය ප්‍රේම බෘංග රාජයාව...
ඈතදිම මාව දැකලා කටකොනට හිනාවක් ඇඳුණ එයා මං ළඟින් නතරවුණා...
මං ක්ලාස් එකෙන් එළියට දාලා තියනවා එයා අනන්තවත් දැකලා ඇති... ඒත් ඒ හැම වෙලාවකම මාව ගණන් ගන්නෙ නැතුව පහුකරගෙන ගියපු එයා අද මං ළඟ නතර වුණා...
-"අදත් එළියෙද?"
එළියෙ ඉන්නවා පෙනි පෙනි 'අදත් එළියෙද' අහන්න මෙයාට මොංගල්ද? වෙන එකෙක් වුණා නම් එහෙම අහනවා අනිවම...
-"හෙහෙ... ඔව්නේ... මං වැරැද්දක් කරලා ක්ලාස් එකෙන් එළියට දැම්මෙ නෑ... අප අවට පරිසරය කියලා පාඩමක් තියනවා... ඒකට කරුණු හොයන්න තමයි එළියට බැස්සෙ... ඇත්තමයි..."
මම අහිංසක විදියට හිනාවෙලා එහෙම කිව්වම ජන්ග්කුක් මගේ දිහා එක ඇහිබැමක් උස්සලා බැලුවෙ 'ඒකත් එහෙමද?' කියලා අහන්න වගේ...
-"ඔයා වැරදියට හිතාවි කියලා මං කිව්වෙ... ඇත්තමයි කුක්... මාව එළියට දැම්මෙ නෑ හරිද?"
-"Business studies වලට අප අවට පරිසරය ගැනත් ඉගෙනගන්න තියෙද?"
Dead...
-"ඔහ්- ඔව්නෙ... ව්‍යාපාරයක් කළමණාකරනය කරද්දි අපි පරිසරය ගැනත් හිතන්න ඕන... අන්න ඒක තමයි අපේ අද lesson එක..." මම කිව්වෙ තොලත් හපන ගමන්...
මුකුත්ම නොකියා අඩියෙන් අඩිය මට ළං වුණු ජන්ග්කුක් මගෙ දත් අතරෙ හිරකරන් හිටපු යටි තොල හෙමිහිට දත් අතරින් එළියට ගත්තෙ මොහොතක්වත් මගේ තොල් වලින් එයාගෙ ඇස් ඈතට නොගෙන...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*