44❤

1.5K 283 248
                                    

Next day ,

At SNU ,

Author's POV,

-"හවසට ඔයාව එක්කගෙන යන්න driver ඒවි... වෙන කොහෙවත් නොයා එයා එක්ක ගෙදර යන්න... තේරුණාද?" ජන්ග්කුක් කිව්වෙ university එක ඉස්සරහින් කාර් එක නවත්තන ගමන්...

-"හ්ම්... Bye..." Secret එහෙම කියාගෙනම කාර් එකෙන් බැහැලා University එකට ඇතුල් වුණා...

ඒත් කෙල්ල ටික දුරක් යද්දිම එයාට ඇහුණෙ එයාගෙ යාළුවො දෙන්නගෙ කටහඬ...

-"SECRET!!!"

-"Oh Haze , Chanie hyung... අද වෙලාසනින්ම ඇවිත්..."

-"ඔව් ඇයි අපිට වේලාසනින් එන්න බැරිද?" හේසල් ඇහුවෙ සීක්‍රට්ගෙ කරට අතක් දාගන්න ගමන්...

මේකයි ඉතින්... හැමදාම Lectures ඉවර වෙන වෙලාවට Campus ආව සීක්‍රට් දැන් හැමදාම කුකුලා අතින් අරන් campus එකට එනවා... වෙන මොනවත් නිසා නෙවෙයි... එයාගෙ ආදරණීය හබියා company එකට යන වෙලාවට කෙල්ලටත් ගෙදරින් එන්න වෙන නිසා...

මොන තරම් වධ දුන්නත් මොකද සීක්‍රට්ගෙ ඉගෙනීමේ වැඩ පාඩු වෙන්න ජන්ග්කුක් ඉඩ දුන්නෙ නැහැ... අනිත් එක ඉතින් කුක්කා වුණත් හොඳටම දන්නවා ඉගෙන ගන්න එක තරම් දරුණු වදයක් ලොවෙත් නැති බව...

-"ජිමිනියි , ටේයි නැතුව යුනි එකේ නැතුව මාස ගාණක් වුණත් තවම මට මේ ජීවිතේ හුරු නෑ හේස්..."

-"හ්ම්ම්... ඒක නම් ඇත්ත... අපරාදෙ චැනී හ්‍යුන්ග්... ඔයාටත් ඒ කාලෙ ඉඳන්ම මේ යුනි එකේ ඉන්න තිබුණෙ... එහෙනම් අපි ඔයාවත් අපේ gang එකට ගන්නවනෙ..."

-"දන්නවනෙ හේස්... අප්පාගෙ වැඩ නිසා තමයි මට එන්න බැරි වුණෙ... අනික දැන් බොස් වගේම ජිමින්ලත් මට ගොඩක් උදව් කරන නිසා යුනි එන එකේ ප්‍රශ්නයක් නැහැ..."

-"අහ් ඒක කිව්වම මතක් වුණෙ... හේසල් , යුකී දෙන්නා ඔයාලාගෙ වැඩ ගැන හැම ඇත්තක්ම මට කිව්වත් තවමත් ඒ දේවල් විශ්වාස කරන්න අමාරුයි වගේ මට නම්..."

-"ඔයාට විතරක් නෙවෙයි සීක්‍රට්... යුකී ඒ දේවල් මට කියපු වෙලාවේ මාත් පුදුම වුණා චැනී කියන්නෙ මින්සොක්ගෙ පුතා කිව්වම..."

-"ඇයි ඒ? ඒක ඒ තරම් පුදුම වෙන්න දෙයක්ද?"  Chanyeol ඇහුවෙ කණස්සල්ලෙන්...

Infatuative_Romance [Completed]Where stories live. Discover now