Author's POV
-"MIN SECRET!!!" සුගාගෙ ගැඹුරු හඬ ඇහුණ ගමන්ම සීක්‍රට් ඉන්න විදියටම නැවතුණෙ බිම බලාගන්න ගමන්...
-"හොඳ ළමයා වගේ ඇවිත් මං ළඟින් වාඩිවෙන්න Sweetheart..." යුන්ගි ඒ කියපු කිසිම වචනෙක වෙනදා තිබුණ තරම් ආදරයක් නම් සීක්‍රට්ට දැනුණ නැහැ... මොකද ඒ ආදරයටත් වඩා සුගාගෙ කටහඬේ තිබුණෙ තරහක්... සන්සුන් වුණ තරහවක්...
සීක්‍රට් තව මොකුත් නොකියම ගිහින් යුන්ගිගෙ ළඟින් වාඩි වෙද්දි mansion එකේ maidsලා , Guardsලා පවා අසරණ වෙලා කෙල්ල දිහා බලන් හිටියෙ ඊළඟට වෙන්න යන දේ හොඳටම දන්න නිසා...
Secret වාඩි වුණ ගමන්ම උරහිස වටේ අත දාලා කෙල්ලව තව ටිකක් ළඟට ගත්ත යුන්ගි අතින් සන් කළෙ එයාගෙ එහාපැත්තෙ හිටගෙන ඉන්න තමන්ගෙ assistant ට...
-"B-Boss..."
-"ඒ ටික අරන් එන්න..."
-"O-Okay Boss..." සුගාගෙ කීම ඇහුණ ගමන් සුගාගෙ Assistant වුණ බෙන් එතනින් ඉක්මනට පිටත් වුනෙ mansion එකේ Basement එක දිහාවට...
බෙන් යන දිහා ටික වෙලාවක් බලන් හිටපු සුගා ආයෙම නිවුණු කටහඬකින් කතා කරන්න ගත්තා...
-"ඔයා එක පාරකුත් මේ වගේ වැරැද්දක් කළා... මතකද Sweetheart?"
යුන්ගි කොච්චර සන්සුන් හඬකින් කිව්වත් ඒ ඇතුළෙන් කොල්ලා පාලනය කරගෙන ඉන්න තරහව තේරුම් ගන්න එයාගෙම නංගි වුණ සීක්‍රට්ට අමාරු වුණෙ නැහැ... මොන දේ වුණත් සීක්‍රට් කළෙ යුන්ගිගෙ ප්‍රශ්න මඟ ඇරලා බිම බලාගෙන ඉන්න එක...
-"ඔයාට මතක නැතුව ඇති... අනික ඔයා එදා සිද්ධ වුන දේ දැක්කෙ නැහැනෙ... අනුමාන කළා විතරයිනෙ... නේද Sweetheart?"
යුන්ගි කට කොනින් හිනාවෙලා එහෙම කිව්වම මෙච්චර වෙලා බයෙන් හිටපු සීක්‍රට්ගෙ ඇස් පුදුමෙන් පිරුණා...
=========
Flashback
=========Few months ago...
At Min's mansion
හුඟ කාලෙකට පස්සෙ සීක්‍රට් හිටියෙ ගොඩක් සතුටෙන්... වෙන මොකක්වත් නිසා නෙවෙයි... අද දවසෙ හවස් වරුවෙ දාන්න plan කරලා තියන party එක නිසා... යුන්ගිගෙන් අවසර ඉල්ලුවත් කොල්ලාගෙන් අවසර ලැබුණෙ නැති නිසා එයා වෙන රටක business meeting එකකට යනකන් ඉඳලා Mansion එකේ party එක තියන්න සීක්‍රට් තීරණය කලා...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*