18❤

1.1K 271 135
                                    

Author's POV

ජන්ග්කුක් සීක්‍රට්ගෙ අතෙන් අල්ලන් එයාව එක්කගෙන ගියෙ Cafeteria එක පැත්තට... එතනට යනකන්ම කොල්ලා සීක්‍රට්  එක්ක වචනයක්වත් කතා කළෙ නැහැ... ඉතින් සීක්‍රට් කළෙ Cafeteria එකට යනකන් කෙල්ලගෙ බබාලගෙ අප්පව- I mean එයාගෙ කූකිව අධ්‍යනය කරපු එක...

ඇල්ලුවොත් අත කැපෙන විදියෙ Jaw line එක... Eyebrow piercing එක... තාමත් තරහින් රතු වෙලා තියන බෝල ඇස් දෙක... පිරුණු තොල් වගේම Lip piercing එක... අනේ හ්‍යුන්ග් මට මෙයාව kidnap කරලා හරි ගෙදර තියාගන්න ඕනි...

සීක්‍රට් හිත හිත හිටපු ඔක්කොම නැවතුණෙ ජන්ග්කුක් කතා කරන්න ගත්ත නිසා...

-"මම handsome කියලා මම දන්නවා... ඒත් ඔය විදියට මං දිහා බලන්න එපා... ඔයාව පේන්නෙ psychopath කෙනෙක් වගේ..."

-"ක-කවුද ඔයාගෙ දිහා බැලුවෙ? පුහ්... මම බලන් හිටියෙ ඔයාගෙ එහා පැත්තෙන් පේන building එක දිහා..."

ඇත්තටම Secret? උබට ඔය බොරුව නැතුව වෙන එකක් මොළේට ආවෙම නැද්ද?

-"හරි මම පිළිගන්නම්..."

-"මම ඇත්ත කිව්-" කෙල්ල කියපු එක මගින් නැවතුණෙ එයා ඉන්න තැනට දුවගෙන ආපු ටේ සීක්‍රට්ගෙ කරට උඩින් අත දාගනිපු නිසා...

-"ඔයාලා දෙන්නම මාව දාලා ගියා නේද?"

-"Couple goals" සීක්‍රට් කිව්වෙ ටේගෙ කනට ළංවෙලා...

-"ඔව්... මොකද මෙච්චර වෙලාවක් ගියෙ? මම හිතුවෙ අර කෙල්ලො ටික ඔයාට අල්ලන් ගහනවා කියලා..."

-"පිස්සුද කුක්? මම වගේ handsome කොල්ලෙකුට ගහලා පව් පුරවගන්න කවුද කැමති..." ටේ කිව්වෙ කොලර් එකත් හදන ගමන්...

-"මම!!!" එහෙම කියපු සීක්‍රට් දෙපාරක් නොහිතා ටේගෙ පස්සෙන් පන්නන්න ගත්තා...

Uni එකේ එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්න අය ටේගෙයි සීක්‍රට්ගෙයි සෙල්ලම දිහා බලන් ඉද්දි 'මම නම් එයාලව අඳුරන්නෙ නෑ' වගේ බැල්මක් දාලා ජන්ග්කුක් තනියම Cafeteria එකට යන්න පිටත් වුණා...

.
.
.

විනාඩි දහයක් විතර කොලේජ් එක වටේ අල්ලන සෙල්ලම් කරලා ටේ , සීක්‍රට් දෙන්නත් දුවගෙන ආවේ canteen එකට...

Infatuative_Romance [Completed]Where stories live. Discover now