Epilogue❤

2.4K 299 437
                                    

7 years later,

Author's POV ,

අවුරුදු හතක්... හැමදේම හරි විදියට සිද්ධ වෙලා අවුරුදු හතක් ගෙවිලා... ඒත් ඒ අතීතය කිසිම කෙනෙකුට අමතක කරන්න පුළුවන් අතීතයක් නම් නෙවෙයි...

ඔව් , අමතක කරන්නෙ කොහොමද? එදා වුණ තුවාල හොඳ වෙලා ආයෙ පුරුදු විදියටම ශක්තිමත් වුණ ගමන්ම සුගා ගියෙ Min Seokව හිරකරලා තියන basement එකට... මනුස්සයෙකුට දෙන්න පුළුවන් විදියෙ උපරිම වධ දුන්නත් ජන්ග්කුක්ට සිහි එනකම් මින්සොක්ව පණ පිටින් තියාගන්න තරම් සුගා කරුණාවන්ත වුණා...

ජන්ග්කුක්ට සිහිය ආවට පස්සෙ කොල්ලා මුලින්ම කළ දේ තමයි තමන්ගෙ දෙමව්පියන්ගෙ මිනීමරුවව බලන්න සුගාගෙ basement එකට යන එක...

හරියටම ඊට දවස් තුනකට පස්සෙ හන් ගඟේ පාලම යට තිබිලා හොඳටම විරූපි වුණ මළ සිරුරක් හමුවුණා... ඒ කාගෙ මළ සිරුරද කියලා අඳුරගන්න NIS එකට පුළුවන් වුණෙ නළලෙ අලවලා තිබුණ කොළ කෑල්ලක් නිසා...

ඒ කොළ කෑල්ලෙ වැඩි දෙයක් තිබුණෙ නෑ...

Hello South Korea , I'm Park Min Seok : The murderer of Jeon , Min families...

අන්න ඒ විදියට dead body එකේ අයිතිකාරයා හොයාගත්තත් ඒ වගේ අමානුෂික මරණයක් මින්සොක්ට දුන්නෙ කවුද කියලා කිසිම කෙනෙකුට හොයාගන්න බැරි වුණා...

කොච්චර හෙව්වත් හොයාගන්න බැරිම තැන NIS එක හැදුවෙ ඒ case එක නොවිසඳුණු case එකක් විදියට close කරන්න... Press conference එකක් තියලා ජනාධිපතිතුමා වගේම ආරක්ෂක අංශවල බලවතුන් ඒ ගැන කතා කළා... වැරැද්දට දඬුවම් කළ විදිය වැරදි වුණත් ඒ වගේ වැරදිකාරයන් සමාජය ඉදිරියට ගෙනාවට ස්තූති කරන්නත් එයාලා අමතක කළෙ නැහැ...

ඒ විදියට මුළු කොරියාවම ඉස්සරහ මින්සොක්ගෙ case එක වහලා දාන්න සැරසෙද්දි ජනාධිපතිතුමාගෙ පෞද්ගලික phone එකට message එකක් ආවේ මින්සොක්ගෙ මිනීමරුවා තව දුරටත් ලෝකයට රහසක් නොවෙන තැනට පත්කරලා...

No need to thank me , Mr.President... But anyway , You're welcome...
-Suga

එදායින් පස්සෙ කිසිම කෙනෙක් සුගාට විරුද්ධ වෙන්න තරම් නිර්භීත වුණෙ නැහැ... සමාජය ඉදිරියෙ කොරියාවේ ජනාධිපති එක්ක සෙල්ලම් කරන්න නිර්භීත වුණ කෙනෙක් එක්ක ප්‍රශ්න දාගෙන මින්සොක්ගෙ ඉරණම අයිති කරගන්න කිසිම කෙනෙක්ට උවමනාවක් තිබුණෙ නැහැ...

Infatuative_Romance [Completed]Where stories live. Discover now