Author's POV
-"Finally found you , Mi amor..."
ජන්ග්කුක් කිව්වෙ දරාගන්න බැරි තරම් සතුටකින්... අවුරුදු ගාණක් තිස්සෙ තමන්ගෙන් ඈත් වෙලා හිටපු තමන්ගෙ එකම ආදරය ආයෙම ඇස් ඉස්සරහ ඉන්නකොට කාටද සතුටු නොහිතෙන්නෙ...
ජන්ග්කුක්ගෙ කටින් පිටවුණ වචනෙ ඇහුණා විතරයි සීක්‍රට්ගෙ තමන්ගෙ ඉස්සරහ ඉන්නෙ කවුද කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියෙ නැහැ... හීනෙන් දැකපු ඉස්සර කාලෙ මතකයන් වල ඉන්න සීල්‍රට්ගෙ කූකි එයාට කතා කළෙ 'Mi Amor' කියලා... පුංචි කොල්ලාගෙ මූණ නොපෙනුනත් ඒ වචන සීක්‍රට්ගෙ මතකයෙ හොඳට රැඳුණා...
එතකොට ජන්ග්කුක් 'Mi Amor' කිව්වෙ එයා ආදරේ කරන girlට... මෙච්චර කල් ඒ කෙල්ල කවුද කියලා දැනගෙන නොහිටියත් අද ජන්ග්කුක් තමන් ඉස්සරහ ඉඳන් එහෙම කියද්දි සීක්‍රට්ට පැටළුණු නූල් බෝලෙ ලිහාගන්න බැරි වුණෙ නැහැ...
-"Kookie..."
සීක්‍රට් කිව්වෙ කිසිම පාලනයක් නැතුව කම්මුල් දිගේ කඳුළු ඔහේ ගලාගෙන යද්දි... කෙල්ල දෙපාරක් නොහිතම එක පිම්මෙන් දුවගෙන ගිහින් ජන්ග්කුක්ව තද කරලා බදාගත්තෙ ආයෙ එයාගෙ කුකී එයාව දාලා යාවි කියලා බයෙන් වගේ...
ඒත් ජන්ග්කුක්ගෙ පපුවට ඔළුව තියාගෙන හොඳටම අඬන සීක්‍රට් , කොල්ලගෙ මූණෙ තිබුණ සතුට මැකිලා ගිහින් ඒ වෙනුවට ඇස් වලින් ගිනිගෙන දැවෙන වෛරය පිටවෙන විදිය කොහොම දකින්නද?...
ඒත් ඒ වෛරය යටපත් කරගන්න ජන්ග්කුක්ට වැඩි වෙලාවක් ගියෙ නැහැ...
-"Mi Amor..." ජන්ග්කුක් කිව්වෙ සීක්‍රට්ව තමන්ගෙ පපුවෙන් ඈත් කරලා නළලෙන් හාදුවක් තියන ගමන්...
-"I-I missed you Kookie... I missed you so much..."
-"I missed you too , My love..."
ජන්ග්කුක් එහෙම කියලා සීක්‍රට්ව ආයෙ බදාගත්තෙ කෙල්ලත් මුකුත් නොකියම ජන්ග්කුක්ගෙ පපුවට තුරුළු වෙද්දි...
.
.
.පැය දෙකකට විතර පස්සෙ දෙන්නම හිටියෙ සීක්‍රට්ගෙ කාමරයට වෙලා... ඉගෙන ගන්න වැඩ පැත්තක... ඒ දෙන්නා එක්ක ඇඳේ ඉඳන් තුරුල් වෙලා Iron Man බලනවා...
ජන්ග්කුක් Banana milkshake එකකුත් කටේ ගහගෙන film එක දිහාම ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න වැඩේ නැවතුණෙ සීක්‍රට් කතා කරන්න පටන් ගත්තම...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*