JK's POV
ජිමින් , ටේ එක්ක අද college එකට එද්දි මට ටිකක් පරක්කු වෙලා... ඒත් වාසනාවට වගේ අපේ lectures තාම පටන් අරන් තිබුණෙ නැහැ...
ඒත් අද පොඩි අමුත්තක් දැනෙනවා... වෙනදා college එක ඇතුළට එද්දි කෙල්ලො සීයක් දෙසීයක් අපි තුන්දෙනාව වට කරගන්නවා... ඒත් අද තිහක්වත් හිටියෙ නැහැ...
-"ඒ බං... මට හරි මූසල feeling එකක් දැනෙනවනෙ..." ජිමින් කිව්වෙ මගෙයි ටේගෙයි දිහා බලලා...
-"ඒක නම් ඇත්-" ටේහ්‍යුන්ග් කියලා ඉවර වෙන්නත් කලින් අපිට ඇහුණෙ කෙල්ලෙක්ගෙ කටහඬක්...
-"ටේ ඔප්පා... College එක පුරාම යන කටකතාව ඇත්තක්ද? ඔයා Hazel eonnieගෙ Boyfriend ද?"
ඒ මොන කුනුහර්පයක්ද යකෝ ඒ... මූ අපිටත් නොකියම හේස්ව සෙට් කරගෙනද?
-"ම-මගෙ? G-Girlfriend?-" අද දවසට දෙවෙනි වතාවටත් ටේහ්‍යුන්ග්ට එයාගෙ වාක්‍ය සම්පූර්ණ කරන්න වුණෙ නැහැ... කොහෙදෝ ඉඳන් අපි ළඟට පාත් වුණ හේසල් ටේහ්‍යුන්ග්ගෙ බෙල්ල වටේ අත දාගත්තෙ "කවදා වෙනකන් අපි මේ ගැන ලෝකෙන් හංගන්නද Baby" කියාගෙන...
ජිමින්ගෙ අතේ තිබුණ ice coffee එකත් බිම... මගෙ අතෙ තිබුණ Bag එකත් බිම... ලස්සනම වැඩේ තමයි ටේගෙ කටේ තිබුණ fruit juice එක හේස්ගෙ මූණෙ...
-"B-Baby?"
-"මාත් එක රඟපාන්න මනුස්සයෝ... මේ fangirlsලගෙන් බේරෙන්න ඕනි නම්..." හේසල් හෙමිහිට ඒක අපි තුන්දෙනාට විතරක් ඇහෙන විදියට කිව්වෙ මූණෙ තිබුණ fruit juice එක ටේගෙ ශර්ට් එකේම පිහිදාන ගමන්...
-"මටත් ඒක ලෝකෙන් හංගන්න ඕන වුණෙ නෑ Sweety... ඔයාගෙ අකමැත්තක් නැත්නම් අපි හෙට වුණත් බඳීමු..." ටේහ්‍යුන්ග් කිව්වෙ full dramatic mode එකෙන්...
මුට නම් මොළයක් කියලා එකක් ඇත්තෙම නෑ...
-"ඒ කියන්නෙ ඒක ඇත්ත... ටේ ඔප්පාට හේසල් එක්ක relationship එකක් තියනවා..." එහෙම කියපු ගෑනු ළමයෙක් එතනින් ගියෙ අතේ තිබුණ රෝස මල් පොකුරත් පොළොවෙ ගහලා...
-"ඒක නෙවෙයි ජිමිනෝ... කොහොමද ඊයෙ දවස... Honeymoon එකට ගැළපෙන hotel එකක් ලැබුණද?" මගේ එහාපැත්තෙන් ආව සීක්‍රට් ජිමින්ගෙන් එහෙම ඇහුවෙ කොල්ලා හොල්මනක් දැක්කා වගේ බය වෙලා බලන් ඉද්දි...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*