Author's POV ,
Wedding එකෙන් පස්සෙ සීක්‍රට් ජන්ග්කුක් දෙන්නම එයාලගෙ ගෙදරට පිටත් වුණෙ හැමෝගෙම ආශිර්වාදය මැද...
එයාලගෙ ගෙදර කියලා කිව්වට සීක්‍රට් දැනගෙන හිටියෙ නැහැ ජන්ග්කුක් එයාව කොහේ අරන් යනවද කියලාවත්... තමන්ගෙ එහා පැත්තෙන් වාඩි වෙලා යන ජන්ග්කුක්ගෙ දිහා බලන්නවත් සීක්‍රට්ට හයියක් තිබුණෙ නැහැ... ඒත් අන්තිමේදි ජන්ග්කුක් එක්ක කතා කරන්න සීක්‍රට් හිත හදාගත්තා...
-"ජ-ජන්ග්කුක්..."
-"හ්ම්..." ජන්ග්කුක් කිව්වෙ එයාගෙ phone එකට අවධානෙ දෙන ගමන්...
-"අපි යන්නෙ කොහෙද?"
-"ඔහ්... ඔයාට මතක නැද්ද සීක්‍රට්? මම එක දවසක් ඔයාට කිව්වා නේද මම ඔයාට අමතක නොවෙන wedding gift එකක් දෙනවා කියලා... ඉතින් ඔයාගෙ wedding gift එක වෙන්නෙ අපේ ගෙදර..."
-"ඒ කිව්වෙ ඔයා මේක කලින් ඉඳන්-"
-"අනිවාර්‍යෙන්... තමුන් හිතුවද මම එච්චර ලේසියෙන් තමුසෙව යුග්යොම්ට දෙයි කියලා..." ජන්ග්කුක් phone එක දිහා බලාගෙනම කියද්දි සීක්‍රට් ලොකු හුස්මක් පහළ දාලා ජනේලෙන් එළිය බලාගත්තෙ ජන්ග්කුක් එක්ක කතා කරන එකේ තේරුමක් නැති නිසා...
ටික දුරක් යද්දි ජන්ග්කුක් එයාගෙ phone එක තියලා සීක්‍රට්ගෙ පැත්තට හැරුණෙ දෙයක් කියන ගමන්...
-"Jin hyung අපො දෙන්නගෙ honeymoon එකට කියලා Maldives වලට යන්න tickets එවලා..."
ඒක ඇහුණා විතරයි සීක්‍රට් ජන්ග්කුක්ගෙ දිහා බැලුවෙ ඇහිපිය ගහන වේගෙන්...
-"Woah... Honeymoon එකට ඔය තරම් ආසද?"
-"N-No... But Maldives... මම යන්න හුඟක් ආසාවෙන් ඉන්න තැනක්..." සීක්‍රට් කිව්වෙ සතුටට කෙල්ලගෙ ඇස් දිලිසෙද්දි...
-"Too bad... මම කිව්වා ඒවා cancel කරන්න කියලා... Company එක අතට ලැබුණ ගමන් ඒක දාලා මට එහෙ මෙහෙ ඇවිදින්න වෙලාවක් නැහැ..." ජන්ග්කුක් කට කොනකින් හිනාවෙලා කිව්වත් කෙල්ලගෙ ඇස් වල තිබුණ දිලිසීම නැති වෙලා යන විදිය ජන්ග්කුක්ට තේරුම් ගන්න බැරි වුණෙ නැහැ...
-"Sir , අපි ආවා..." Driverගෙ කටහඬ ඇහෙනවත් එක්කම ජන්ග්කුක් කාර් එකෙන් බැහැලා ගිහින් සීක්‍රට්ට බහින්න දොර ඇරියෙ අහිංසක හිනාවකුත් එක්කමයි...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*