At JK's penthouse ,
අද ජන්ග්කුක් college ආව නැති නිසා ඒකට හේතු හොයන්න ජිමින්ගෙයි , ටේගෙයි වැඩේ උදේ ඉඳන් කොල්ලට කෝල් කරන එක... ඒත් ජන්ග්කුක් නෙවෙයි ආසාවටවත් phone එක answer කළෙ... අන්තිමේදි ඒ නිසාම ඒ ඩබල තීරණය කළා ජන්ග්කුක්ගෙ penthouse එකට කඩා වදින්න...
*Beep*
Incorrect password...
-"දන්නවා කියලා නේද කිව්වෙ? Password එක වැරදියිලු..." ජිමින් කිව්වෙ ජන්ග්කුක්ගෙ ගෙදර දොර අරින්න ට්‍රයි කරන ටේහ්‍යුන්ග්ට...
-"ඉන්නකො හ්‍යුන්ග්... මම දන්නවා මෙයාගෙ password... අනික ගුරුන්ටත් අකුරු වරදිනවා නම් මට වැරදුණ එක අහන්නත් දෙයක්ද?" ටේහ්‍යුන්ග් එහෙම කිව්වෙ දෙවෙනි වතාවටත් password එක ට්‍රයි කරන ගමන්...
-"මේ පාර වැරදුණොත් අපිට තව එක වතාවයි තියෙන්නෙ ටේ... ඒක නිසා කල්පනා කරලා ඔය මඟුල ඔබන්න..."
-"Eh Chim..."
-"Yeah..."
-"Password එක Secretගෙ B'day එක වෙන්න බැරිද?"
-"ඒක වෙන්න පුළුවන්... අපේ එකාගෙ පිස්සුවේ තරමට ඒ කෙල්ලගෙ B'Day එක තිබුණත් පුදුම වෙන්න දෙයක් නෑ..."
-"Okay then... Let's try..." එහෙම කිව්වත් ටේහ්‍යුන්ග් කළෙ ඔළුවත් කස කස Smart lock එක දිහා බලන් ඉන්න එක...
-"ඒ පාර මොකද මනුස්සයෝ..."
-"මේකනෙ හ්‍යුන්ග්... Year , month , date ද? නැත්නම් date , Month , Year ද?"
ටේහ්‍යුන්ග් එහෙම ඇහුවම ජිමිනාත් ලෝකෙ පෙරළගෙන කල්පනා කරන්න පටන් ගත්තා...
-"Try කරන්න Chances දෙකක් තියනවනෙ... ඒ දෙවිදියම try කරමු..."
-"පිස්සුද හ්‍යුන්ග්... වැරදිලාවත් සීක්‍රට්ගෙ B'day එක password එක නොවුණොත්?"
-"උබ මගෙ ඔළුවත් අවුල් කරනවා ටේ... ඔන්න ඔය මඟුල ඕන විදියකට ගහපම් බලන්න..."
-"හරි එහෙනම්... Password එක ආයෙ වැරදුණොත් ඔයා තමයි..." එහෙම කියපු ටේහ්‍යුන්ග් Secretගෙ උපන්දිනේ Password එක විදියට ගහන්න පටන් ගත්තා...
'06082022'
-"එපාආආආආආආආආආ..."
ටේහ්‍යුන්ග් ටයිප් කරපු එක දැකලා ජිමින් කෑගැහුවත් ඒ වෙනකොටත් ටේ 'enter' button එක ඔබලා ඉවරයි...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*