A/N

1.1K 253 103
                                    

මේක skip කරන අය ගොඩක් ඉඳීවි... ඒත් කමක් නෑ... එක්කෙනෙක් හරි කියෙව්වොත් ඇති...

හතර වෙනි පාර... හතර වෙනි පාරටත් Bad Love copy කරලා... whatsapp group වල share වෙනවා...

ඊයෙ හවස මට මගේ යාළු ඕතර් කෙනෙක්ගෙන් message එකක් ආවා. එයා කිව්වෙ මේකයි... "මගේ පොතත් කොපි වෙලා තියනවා. ඔයාගෙ පොතත් ඒකෙ තියනවා දැක්කා. ඒ ලියන කෙනා පාවිච්චි කරන්නෙත් ඔයාගෙ username එකමයි."

මම ඒ group එකට ගිහින් ඇඩ්මින්කමකුත් ඉල්ලගෙන හෙන හෑල්ලක් කිව්වා. මං ඒක පහළින් දාන්නම්... ඒ එක තැනක හරි මම වැරදි නම් ඔයාලා මට ඒක පෙන්නලා දෙන්න...

මෙන්න messages ටික.

============

[21/07, 19:40] Hello guys , මම ගෲප් එකට ආවේ ඊයෙ... 03L කෙනෙක්... ඔයාලා හැමෝම දැනගන්න ඕන දෙයක් තියනවා... ලොකු වැරදි වැටහීමක් හරිගස්සනයි යන්නෙ...

[21/07, 19:53]  Park tae yang... ඔයාලා මේ නම අහලා ඇති... ඔව් එක වගේ නම තියන ගොඩක් අය ඉන්නවනෙ... ඒත් මම Bad love  fanfiction (JJK ff) එකේ ඕතර් park tae yang... Bad Love විතරක් නෙවෙයි Next door (PJM ff) , Infatuative romance (JJK ff) , The End (MYG ff) , Eternal desire (KTH ff)  කියන පොත් වලත් ඕතර්... ඒවගෙ copyrights තියෙන්නෙ මට.

ඉතින් මගේ පොත whatsapp group එකක ශෙයා වෙනවා කියපු ආරංචියට තමයි මම මේ ගැන හොයලා බැලුවෙ. මගේ අවසරයක් නැතුව ඒ වගේ දෙයක් කරන්න කිසි කෙනෙක්ට බැහැ. මෙතන ඉන්න ගොඩක් අය නංගිලා කියලා මට දැනගන්න ලැබුනා... ඔයාලා නොදන්නවා වෙන්න පුළුවන්... ඒත් මට මගේ පොත් කොපි කරන අයට නඩු දාන්න පවා අයිතිය තියනවා. මොකද wattpad company එකෙන් ඒ පොතේ copyrights තියෙන්නෙ මට. අනික ලැජ්ජාවක් නැතුව මගෙ පොත විතරක් නෙවෙයි මගෙ නමත් කොපි කරලා.

ලියන්න ඕනෙ නම් තමන්ගෙ මහන්සියෙන් ලියන්න.  මේ ගෲප් එකේ අනිත් ඕතර්ලගෙ පොත් කොපි කරලා share වෙනවා කියලත් මට දැනගන්න ලැබුනා... උදේ රෑ මහන්සි වෙලා වෙන වැඩත් මග ඇරගෙන පොත් ලියන අයගෙ මහන්සිය ඒ කොපි කරන අය දන්නෙ නෑ... ඉතින් ආතම ගරුත්වයක් තියාගෙන වැඩ කරන්න. අනිත් අයගෙ දේවල් කොපි කරන්න එපා...

මම මේ දේවල් මෙච්චර දුරට ගෲප් එකේ කියන්නෙ නැහැ මගෙ නම , පොත කොපි කරපු කෙනා මගෙ messages බලලා reply කරලා මගෙන් සමාව ගත්තා නම්...

Infatuative_Romance [Completed]Where stories live. Discover now