Author's POV,
-"I'm already married , Hyung..."
සීක්‍රට් ඒ වචන ටික බිම බලාගත්තෙ හ්‍යුන්ග්ගෙ උණුසුම් කම්මුල් පාරක් බලාපොරොත්තුවෙන් වුණත් ඒ වෙනුවට සීක්‍රට්ට ඇහුණෙ හිනා හඬක්...
සියවසේ හොඳම විහිලුව ඇහුණා වගේ The great Min Yoongi හිනාවෙනවා... අවුරුදු ගාණකින් හිනාවෙලා නැති යුන්ගි බඩත් අල්ලගෙන හොඳටම හිනාවෙන්නෙ කඳුළිත් පිහිදාන අතරෙ...
-"හ්-හ්‍යුන්ග්..."
-"ඔය ඒ තරමට ආසාවෙන්ද ඉන්නෙ මේ marriage එකට... marry කරන්න කලින්ම married කියලා හිතන් ඉන්න තරම්... Aigo my sweetheart..."
-"Are you crazy hyung? මේක විහිලුවක් නෙවෙයි!!!" සීක්‍රට් ස්ථිර හඬකින් කිව්වෙ හ්‍යුන්ග් එයාව විහිලුවකට ගන්න එකට තරහින් වගේ...
-"Okay... okay... දැන් ඔයාට Yugyeomව marry කරන්න බැහැලු... ඒකට කමක් නැහැ කියමුකො... ඒ වගේම ඔයා කියනවා ඔයා මේ වෙනකොටත් marriedලු... ඒකටත් කමක් නැහැ කියමුකො... ඒත් මට දැනගන්න පුළුවන්ද Sugaගෙ එකම නංගි එච්චර නිර්භීත තීරණයක් ගත්තෙ කවුරු වෙනුවෙන්ද කියලා?" මෙච්චර වෙලා තොල් වල රැඳිලා තිබුණ හිනාව ගිල ගත්ත යුන්ගි එහෙම ඇහුවෙ වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා සීක්‍රට් ඉන්න තැනට ළංවෙන ගමන්...
යුන්ගිගෙ ඇස් වල තිබුණ අඳුරු බව , ඒ කටහඬේ තිබුණ සන්සුන් , නිවුණු බව , තමන්ගෙ පැත්තට තියන අඩි වල තියන ස්ථාවරත්වය... ඒ ඔක්කොම සීක්‍රට්ගෙ හිතට ගෙනාවේ ලොකු බයක්... මරණ බයක්...
ඔයා වෙනුවෙන් හ්‍යුන්ග්....
-"I-I love him hyung..."
-"මම විශ්වාස කරනවා ඔයා ඔය කියන්න යන්නෙ මම හිතන කෙනා ගැන නෙවෙයි කියලා , Sweetheart..." යුන්ගි කිව්වෙ බිම බලන් ඉන්න සීක්‍රට්ගෙ නිකටෙන් අල්ලලා තමන්ගෙ පැත්තට හරවගන්න ගමන්...
-"හ්-හ්‍යුන්ග්..."
-"Yes my sweetheart... Tell your hyung that what I'm thinking is wrong... Tell me princess..." සීක්‍රට්ගෙ කම්මුල් පිරිමදින අතරෙ යුන්ගි රළු කටහඬකින් ඒ වගේ දෙයක් කිව්වත් කොල්ලගෙ කටහඬේ තිබුණෙ ඉල්ලීමක්... ඇස් වල තිබුණෙ ආයාචනාත්මක බැල්මක්... ඒ සීතල මූණෙ තිබුණ බලාපොරොත්තු සහගත බවක්... යුන්ගිගෙ තියුණු ඇස් වල රැඳිලා තිබුණෙ විශ්වාසය... ගැඹුරු විශ්වාසයක්...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*