Author's POV ,
-"If you don't like this, stop me before it's too late Jungkook-ah..."
සීක්‍රට් එහෙම කියලා තත්පර කිහිපයක් ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලන් හිටියෙ කොල්ලගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්... ඒත් ඒ වෙනකොටත් ජන්ග්කුක් හිටියෙ සීක්‍රට්ගෙ පිරුණු ලා රෝස පාට තොල් වලට අවධානය දීලා...
ඒ බව දැකපු ගමන්ම කට කොනින් හිනාවක් දාපු සීක්‍රට් ජන්ග්කුක්ගෙ තොල් අතරෙ තමන්ගෙ තොල් හිරකරගත්තෙ දෙපාරක් නොහිතා... සිද්ධ වුණ දේ හිතාගන්න බැරුව ජන්ග්කුක් එක පාරටම පුදුම වුණත් ඊළඟ මොහොතෙ කෙල්ලවත් බිම පෙළගෙන සීක්‍රට්ව ආපිට කිස් කරන්න ගත්තෙ මොහොතක්වත් පරක්කු නොකර...
විනාඩි පහක් දහයක් යනකල්ම සීක්‍රට්ගෙන් ඈත් නොවුණ ජන්ග්කුක් හරි සිහියට ආවේ කෙල්ලගෙ කටින් ඉබේටම වගේ පිට වුණ පුංචි කෙඳිරිල්ලකින්...
එකපාරටම පස්ස පැත්තට අකුණක් ගැහුවා වගේ ඉන්න තැනම හිටගත්ත ජන්ග්කුක් බිම තිබුණ snacks , soju බෝතල් පිරුණ bags දෙකත් උස්සන් බයික් එක තියන දිහාවට වේගෙන් ඇවිදන් ගියෙ සීක්‍රට් විතරක් නෙවෙයි පඳුරක් අස්සට වෙලා ඒ දිහා බලන් හිටපු ඕතරී සහ එයාගෙ කප්කේක්ලත් වුණෙ මොකද්ද කියලා ඔළුවත් කස කස කල්පනා කරද්දි...
ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලන් හිටපු සීක්‍රට් ඇඳුමත් හරියට හදන ගමන් කොල්ලා ඉන්න පැත්තට ගියා...
-"J-Jungkook?"
-"හොඳටම රෑ වෙලා... එන්න අපි යමු..." ජන්ග්කුක් කිව්වෙ බයික් එකට නගින අතරෙ...
ජන්ග්කුක් දීපු හෙල්මට් එකත් දාගෙන බයික් එකට නැගපු සීක්‍රට් ජන්ග්කුක්ව පිටිපස්සෙන් බදාගත්තෙ මුකුත්ම කියාගන්න බැරිකමට...
විනාඩි 15ක විතර ගමනකට පස්සෙ දෙන්නම ආවේ සීක්‍රට්ගෙ apartment එක ළඟට... බයික් එකෙන් බැහැපු සීක්‍රට් හෙල්මට් එකත් JKගෙ අතට දීලා යන්න හැරුණා...
-"Secret..."
Apartment එක පැත්තට යන්න හැරුණ සීක්‍රට් ආයෙම ජන්ග්කුක්ගෙ දිහා බැලුවෙ 'ඇයි' කියලා අහන්න වගේ...
-"ඒක... ඒක mistake එකක්... I-I'm sorry..." ජන්ග්කුක් එහෙම කියලා ඉක්මනටම බිම බලාගත්තෙ කම්මුල් පාරක් බලාපොරොත්තුවෙන් වුණත් ඒ වෙනුවට කොල්ලට ඇහුණෙ ලස්සන හිනා හඬක් ...
ŞİMDİ OKUDUĞUN
Infatuative_Romance [Completed]
Hayran Kurguහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*