At SNU,
Few days later,
Author's POV
යුග්යොම්ගෙ සහ සීක්‍රට්ගෙ සම්බන්ධය එළිවෙලා දවස් කිහිපයක් ගියත් ජන්ග්කුක් කෙල්ලව මඟ අරින එක නම් මොහොතකටවත් නැති වෙලා නැහැ... ඒ වගේම සීක්‍රට් ජන්ග්කුක් එක්ක කතා කරන්න උත්සහ කරද්දි ජන්ග්කුක් කළ එකම දේ හිත රිදෙන වචන ගොඩක් කෙල්ලට කියලා එතනින් පිට වෙලා යන එක...
ඒත් සීක්‍රට් නැවතුණාද? අපෝ නැහැ...
'එයා එහෙම කිව්වෙ හිතේ තියන තරහට...'
'මට විශ්වාසයි... මම එයාට ආදරේ කරනවා වගේම කුකීත් මට ආදරෙයි කියලා...'
'එයා කියන දේවල් වලින් හිත රිද්දගන්න එපා සීක්‍රට්... එයා ඒ දේවල් හිතලා නෙවෙයි කියන්නෙ'
සීක්‍රට් තමන්ටම එහෙම කිය කියා ජන්ග්කුක් එක්ක එල්ලි එල්ලි කතා කළෙ පොඩි මොහොතකට හරි ජන්ග්කුක් එයා කියන දේ අහන්න නවතීවි කියලා හිතලා...
ඒත් ඒ කිසිම දෙයක් සාර්ථක වුණෙ නැහැ...
-"සීක්‍රට් ඔයාට මොනවද වෙලා තියෙන්නෙ?ඔයා කවදාවත් කෙනෙක් ඉස්සරහ මෙච්චර ලැජ්ජ වුණ කෙනෙක් නෙවෙයි..." කෙල්ලගෙ හොඳම යාළුවා වුණ හේසල් බලන් ඉඳලා බැරිම තැන සීක්‍රට්ගෙන් එහෙම ඇහුවෙ කෙල්ලත් එක්ක basketball court එක දිහා බලන් ඉන්න අතරෙමයි...
-"ඒ ඉන්නෙ Jungkook , Haze... මගෙ කුකී... මගෙ පළවෙනි ආදරේ... ඒ වගේම අවසාන ආදරෙත්...ඉතින් එයා ඉස්සරහ දණ ගහන්න වුණත් මම දෙපා-"
-"හරි සිහියට එන්න සීක්‍රට්... මට ඔයාව තේරුම් ගන්න පුළුවන්... ඒත් මේ ඒ දේට කාලෙ නෙවෙයි... ජන්ග්කුක් තමයි මෙතන වැරදි... ඔයා නෙවෙ-
-"ජන්ග්කුක්ට බනින්න එපා හේස්...එයාගෙ වැරැද්දක් කොහෙ-"
-"මගේ ඉස්සරහ එයාව බොරුවට සුද්ද කරන්න හදන්න එපා , සීක්‍රට්... එයා තමයි වැරදි... මොකද එයා තමයි ඔයාව තේරුම් ගන්නෙ නැත්තෙ? ඔයාගෙ කැමැත්තකින් වුණ දෙයක් නෙවෙයි මේක... අනික ඔයාලා දෙන්නා ආදරේ කරන්නෙ හිතින්... නැතුව තාම confess කළේවත් නැහැනෙ... ඉතින් එයාට කොහෙත්ම අයිතියක් නැහැ ඔයාව මඟ අරින්න..."
හේසල් එක හුස්මට එහෙම කියාගෙන ගිහින් සීක්‍රට්වත් ඇදගෙන College එකෙන් පිටත් වුණෙ දෙපාරක් නොහිතා...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*