48❤

1.4K 290 68
                                    

Author's POV ,

-"And I'm still alive , JK... "

සුගාගෙ කටහඬ ඇහුණ ගමන් ජන්ග්කුක් ආපහු හැරිලා බැලුවත් කොල්ලා දැක්කෙ කිසිම ගාණක් නැතුව ඇස් දෙකත් වහගෙන නිදහසේ couch එකේ වාඩිවෙලා ඉන්න සුගාව...

-"අපි මේ විදියට ඉඳලා හරියන්නෙ නෑ... මොකක්ම හරි කරන්න ඕන..." ටේහ්‍යුන්ග් කිව්වෙ හැමෝගෙම අවධානෙ ගන්න ගමන්...

-"ටේ කියන එක ඇත්ත... මින්සොක් ඉන්න තැන හොයාගන්න ක්‍රමයක් තියෙයි නම්..." නම්ජූන් කියද්දිම ජන්ග්කුක් , සුගා දෙන්නා කතා කළෙ එක පාරටමයි...

-"Her wedding ring..."
-"Her anklet..."

-"Woah... ඔයා නියමයිනෙ JK... Wedding ring එකත් track කරලද තියෙන්නෙ?" Jin ඇහුවෙ ජන්ග්කුක්ට රවන ගමන්...

-"මට රවන්න එපා හ්‍යුන්ග්... සීක්‍රට් මගෙන් බේරිලා පැනලා යාවි කියලා මම බය වුණා... ඒකයි ring එකට tracker එකක් දැම්මෙ..."

-"එයා ඔයාට ආදරෙයි කුක්... ඉතින් උබ කෙල්ලව මරලා දැම්මත් එයා පැනලා යාවි කියලා නම් මම හිතන්නෙ නෑ..." හොබී කිව්වෙ ජිමින්ගෙ අතට laptop එක දෙන ගමන්...

-"සමහරවිට මේ වෙද්දි මින්සොක් ඒ ring එක ගලවලා ඇති... අපි ඒ නිසා anklet එක මුලින් ට්‍රැක් කරමු..." ජිමින් කිව්වෙ Suga සීක්‍රට්ගෙ කකුලට දාලා තියන anklet එක ට්‍රැක් කරන අතරෙමයි...

-"ජිමින් කියපු එක හරි... bracelet , neckless , rings වගේ නෙවෙයි ගොඩක් වෙලාවට anklet එකක් අහුවෙනවා අඩුයි..." නම්ජූන් කිව්වෙ ජිමින් කියපු දේට එකඟ වෙලා...

-"මට මතක ඇති කාලෙක ඉඳන් ඒක සීක්‍රට්ගෙ කකුලෙ තියනවා... ඒත් අද තමයි දැනගත්තෙ ඒක ඔයා දාපු එකක් කියලා..." ජන්ග්කුක් කිව්වෙ පුදුමෙන්...

-"මම ඒක එයාගෙ කකුලට දැම්මෙ අවුරුදු 8දි... එදා වුණ සිද්ධියෙන් පස්සෙ... මම බයවුණා ඒ වගේ දෙයක් ආයෙ වේවි කියලා..." සුගා couch එකේ හාන්සි වෙලා ඉන්න ගමන්ම ඒ ටික කිව්වෙ කිසිම හැඟීමක් පිටතට නොපෙන්වා... ඒත් සුගා ගැන නොදැනගත්තත් යුන්ගි කියන කෙනා ගැන හොඳටම දන්න හැමෝටම තේරුණා යුන්ගිගෙ කටහඬේ තියන බය...

ගෙවෙන හැම මොහොතක්ම යුන්ගි ගත කළෙ බයෙන්... කවදාවත් නොදැණුනු බයකින්...

Infatuative_Romance [Completed]Where stories live. Discover now