20❤

1.1K 269 113
                                    

Next day ,

At Min group HQ,

Author's POV

-"මිස් , කරුණාකරලා මෙතනින් යන්න පුළුවන්ද?" Min Group company එකේ ප්‍රධාන දොරටුව ළඟ ඉන්න guard කෙනෙක් එහෙම කිව්වෙ කම්පැනි එක ඇතුළට බලෙන් යන්න පොරකන කෙල්ලව නවත්තන ගමන්...

-"මට බැහැ!!! එක පාරක් මම තමුන්ලට කිව්වනෙ... මට අද මින් යුන්ගිව හමුවෙන්නම ඕන!!!"

-"ඔය කෙල්ලව ඇදලා දාන්න ... සර් මේ ගැන දැනගත්තොත් අපිත් ඉඳලා ඉවරයි..." එතන තවත් guard කෙනෙක් කිව්වෙ සීක්‍රට්ව බලෙන් අල්ලගෙන ඉන්න guardට...

-"මිස් , මම ආයෙ කියන්නෙ නැහැ... කරුණාකරලා මෙතනින් යන්න පුළුවන්ද?" සීක්‍රට්ව අල්ලගෙන ඉන්න guard ටිකක් තදින් ඇහුවත් සීක්‍රට් නෙවෙයි මොහොතකටවත් නැවතුණෙ...

-"YAAAAAH MIN YOONGI!!!"

-"ඔන්න ඔය කෙල්ලව එළියට ඇදලා දාන්න බං... සර්ගෙ පිස්සු ෆෑන් කෙනෙක් වෙන්න"

යාළුවගෙ කියමන අහලා සීක්‍රට්ව අල්ලගෙන හිටපු guard කෙල්ලව එළියට දාන්න ගියත් ඒක නවත්තන්න වුණෙ එයාලට වඩා senior guard කෙනෙක් එතනට ආපු නිසා...

-"උදේ පාන්දර තමුසෙලා සෙල්ලම් කරන්න ගත්තද?"

-"මේ කෙල්ල Company එක ඇතුළට බලෙන් යන්න හදනවා සර්... හරිම මුරණ්ඩුයි..."

-"හ්ම්ම්... Yoongi sir කියලා තියෙන්නෙ ඔය වගේ අයව එළියට ඇදලා දාන්න කියලා නේද? තවත් මොකටද බලන් ඉන්නෙ..."

-"තමුසෙලා මට මෙහෙම කරන්නෙ මම කවුද කියලා දන්නවද?"

-"ඔයා කවුරු වුණත් අපිට වැඩක් නෑ මිස්... කරුණාකරලා යන්න..." එහෙම කියපු Guard කෙල්ලගෙ අතින් ඇදන් යන්න හදද්දි සීක්‍රට් අනිත් අතෙන් දොරේ එල්ලුණෙ එයාව ඇදන් යන්න බැරි වෙන්න...

-"මේක මාර වදයක්-" ගාඩ් කියන්න ගියපු එක මගින් නැවතුණෙ එතනට ආපු කෙනෙක් නිසා...

-"මොකද්ද මෙතන වෙන්නෙ?"

-"ඔහ් sir... මේ කෙල්ල අපේ වැඩ වලට කරදර කරනවා... කොච්චර යන්න කිව්වත් අහන්නෙ නැහැ..."

-"එහෙනම් එළියට දා- Wait!!! Secret?" හොබී ඇහුවෙ මෙච්චර වෙලා වෙන පැත්තක් බලන් හිටපු කෙල්ල හොබීගෙ කටහඬ අඳුරගෙන තමන්ගෙ පැත්ත හැරෙද්දි...

Infatuative_Romance [Completed]Where stories live. Discover now