50❤ (End)

2.4K 323 240
                                    

Author's POV,

-"Mi Amor... She- She is pregnant , hyung..."

නම්ජූන් ප්‍රශ්නාත්මක බැල්මකින් තමන් දිහා බලනවා දකිද්දි ජන්ග්කුක්ට මතක් වුණෙ එයාට මොහොතකට කලින් සිහිය ලැබුණම හැසිරුණ විදිය...

==========
Flashback
==========

සුගා ජින් ලවා ජන්ග්කුක්ගෙ ඇඟට inject කරපු drug එක නිසාම ජන්ග්කුක්ට ඒ තරම් සිහියක් නොතිබුණත් සිහිය නැති වෙන්න කලින් සිද්ධ වුණ දේවල් මතක් වෙද්දි කොල්ලට දැනුනෙ එයා ගැනම තරහක්...

ඇඟේ තියන මහන්සිය , මත් ගතිය පාලනයෙන් තොර වෙද්දි අතට අහුවෙන දේ පොළොවෙ ගහපු ජන්ග්කුක් බිම වැටිලා තියන වීදුරු කටු උඩම ඇවිදින ගමන් කෑ ගහන්න ගත්තෙ දරාගන්න බැරි වේදනාවකින් වගේම තරහකින්...

එන්න එන්නම තමන්ගෙ ඇඟේ පාලනය දුර්වල වෙනවා කියලා දැනෙද්දි ජන්ග්කුක් ඇඳ ළඟම බිම වැටිලා ඇඳට හේත්තු වුණෙ මොහොතකට ඔළුව ඒකාකාරී කරගන්න හිතාගෙන... ඒ අතරෙ ජන්ග්කුක්ගෙ ඇහැ නැවතුනෙ එයාගෙ අතින් පැත්තකට තල්ලු වෙලා ගිහින් බිම වැටිලා තිබුණ nightstand එක ළඟ තිබුණ file එකකට...

බැලූ බැල්මටම hospital එකක නමක් තිබුණ file එක ජන්ග්කුක් අතට ගත්තෙ මුළු ඇඟම වෙව්ලද්දි... අකුරක් කියවගන්නවත් හරි සිහියක් නොතිබුන ජන්ග්කුක් file එකේ තිබුණ reports කියවන්න ගත්තෙ හිතට ආපු සැකයට...

ඒ වෙන මොනවත් නෙවෙයි... සීක්‍රට්ගෙ pregnancy reports... තමන් අප්පා කෙනෙක් වෙන්න යනවා කියන සතුට හිතට දැනෙද්දි ජන්ග්කුක්ගෙ මූණට අව්‍යාජ හිනාවක් ආවත් ඊළඟ මොහොතෙ ඒ හිනාව බොඳ වෙලා ගියෙ සීක්‍රට් මේ මොහොතෙ ඉන්න තත්ත්වය මතක් වෙලා...

තමන් ඉන්නෙ හරි සිහියක නොවන නිසාත් , සුගා හ්‍යුන්ග් සීක්‍රට්ව බේරගනීවි කියලා ලොකු විශ්වාසයක් හිතේ තිබුණ නිසාත් ජන්ග්කුක් මුලින් කලබල වුණේ නැහැ... ඒත් reports දැක්කට ආස්සෙ ජන්ග්කුක්ට ඕන වුණෙ සීක්‍රට්ගෙ ළඟට යන්න මිසක් වෙන මොනවත් නෙවෙයි... දෙපාරක් නොහිතම වීදුරු කටුවක් අතේ තද කරගත්ත ජන්ග්කුක් කාමරේ අයිනක වැටිලා තිබුන pistol එකත් අහුලගෙන නම්ජූන් හොයාගෙන ආවේ ඒකයි...

Infatuative_Romance [Completed]Where stories live. Discover now