19❤

1.2K 275 151
                                    

Author's POV

හැමෝම VIP area එකේ ඉද්දි යුන්ගි , ජන්ග්කුක් දෙන්නා බැල්කනි එකට ආවේ දෙපාරක් නොහිතා... මොකද ඒ දෙන්නා හොඳටම දැනගෙන හිටපු දෙයක් තමයි කතා කරන්නෙ නැතුව මේ කිසි දෙයක් විසඳගන්න බැරි බව... Communication is the key... ම්ම්ම්... මගේ පොතේ එහෙම නොවෙන්නත් පුළුවන් 🥲

-"මොනවද හ්‍යුන්ග් ඔයාට කතා කරන්න තියෙන්නෙ?" ජන්ග්කුක් කිව්වෙ බැල්කනි එකට හේත්තු වෙලා එයාගෙ සාක්කුවෙන් cigarette එකක් එළියට ගන්න අතරෙ...

-"College එක ඇතුළෙ ඕක තහනම් කියලා දන්නෙ නැද්ද කුක්?"

-"Huh!!! As if I care... ඒත් මට පුදුම ඔයා වගේ කෙනෙක් ඒක කියපු එක..."

-"මම නරක මනුස්සයෙක් වෙන්න පුළුවන්... ඒත් මගෙ සහෝදරයෙක් මම වගේම වැරදි පාරක යනවා බලන් ඉන්න මට බැහැ..."

-"Allright!!! දැන් කියන්නකො මොනවද කතා කරන්න ඕන වුණෙ කියලා..." ජන්ග්කුක් කිව්වෙ අතේ තිබුණ Cancer stick එක බිම දාලා සපත්තුවෙන් පාගන ගමන්...

-"Sweetheartව අතාරින්න... මට ඔයා එක්ක fight කරන්න උවමනාවක් නැහැ කුක්... ඔයාට රිද්දන්න උවමනාවකුත් නැහැ..."

-"I love her..."

-"Yes I know you love her... But you hate her more than you love her..." Suga කිව්වෙ බැල්කනි එකට හේත්තු වෙලා පහළින් පේන Playground එක දිහා බලාගෙන...

බැල්කනි එකට පිටුපාලා හේත්තු වෙලා හිටපු ජන්ග්කුක් වීදුරු දොර අතරින් පේන සීක්‍රට්ගෙ දිහා බැලුවෙ Evil smirk එකකුත් එක්ක...

-"අදටත් ඔයා තමයි මං ගැන හොඳටම දන්නෙ හ්‍යුන්ග්..."

-"Sweetheartට රිද්දලා ඔයාට ලැබෙන්නෙ මොකද්ද කුක්?"

-"සාධාරණය... මට ඕන එයාලා වෙනුවෙන් සාධාරණයක් කරන්න..."

-"ඔයා හොඳටම දන්නවා ඒකෙ වැරදිකාරයා කවුද කියලා... ඒ ගැන දැන දැනත් ඇයි මගෙ කෙල්ලගෙ පස්සෙන් පන්නන්නෙ?"

-"මම දැකපු කිසි දෙයක් ඔයා දැක්කෙ නැහැ හ්‍යුන්ග්? ඒ වියරුව... ඒ හිනාව... ඒ කිසිදෙයක් ඔයා දැක්කෙ නැහැ..."

-"Jungkook... ඒ කිසි-"

-"ඇත්තද ඒ කතාව?"

-"මොකද්ද?"

-"සීක්‍රට්ට කිසි දෙයක් මතක නෑ කියපු එක..."

-"හ්ම්ම්... එදා වුණ සිද්ධියෙන් පස්සෙ මගෙ sweetheary මාස පහක් Coma එකක හිටියා... එයා අවදි වුණෙ මම කවුද කියලාවත් මතක නැතුව... එයාට එයාගෙ හ්‍යුන්ග්වවත් අඳුරගන්න පුළුවන් වුණෙ නැහැ..."

Infatuative_Romance [Completed]Where stories live. Discover now