11❤

1.3K 292 61
                                    

Author's POV

ගෙදර තියන Office එකට වෙලා documents වගයක් check කර කර හිටපු මින් යුන්ගිගෙ අවධානය ගියෙ කවුදෝ කෙනෙක් office එකේ දොරට තට්ටු කරන හඬකට...

-"Come in"

-"Hello hyung... මට ආරංචියක් ආවා ඔයා ද අලුත් සෙල්ලමක් කළා කියලා..."

-"අලුත් සෙල්ලමක් නෙවෙයි හොබී... ඒක පරණ දෙයක්මයි... ඒත් වෙනසකට තියෙන්නෙ ඒ සෙල්ලම දිහා මගේ sweetheart බලන් ඉඳපු එක..."

-"කොහොමද දැන් එයාට? තාම අසනීපෙන්ද?"

-"අද උදේ සිහි ආවා... ඒත් බලාගත්ත අත බලන් ඉන්නවා... කවුරුවත් එක්ක කතා කරන්නෙවත් නෑ"

-"ඔයා කරපු දේ දරුණු වැඩි නැද්ද හ්‍යුන්ග්... කෙල්ල බය වෙලා ඇති..."

-"බය වෙන්න තරම් දෙයක් නැහැ හොබී... එයාට මේවා හුරු නැති දේවල් නෙවෙයිනෙ... අනික එයා ගැන හිතලාමයි මම gun එක use  නොකළෙත්..."

-"ඔව් ඔව්... හොඳට හිතලා බලලා තියනවා... ඒක නෙවෙයි... ගෙදරට ඇතුල් වෙනකොටම මට ඉස්සරහට හමුවුණෙ Head maid Mrs.Lee... එයා මෙන්න මේ ලියුම් කවරෙ මගේ අතට දුන්නා  ඕන වෙන ලියුමක්ද දන්නෙ නෑ කියලා... සීක්‍රට් ඊයෙ ඇඳන් හිටපු කලිසම හෝදන්න යද්දි ඒකෙ සාක්කුවෙ තිබිලා අහුවෙලා තියෙන්නෙ... Address එකට තියෙන්නෙ ඔයාගෙ නම නිසා Mrs.Lee කිව්වා සමහරවිට ඔයාට අවශ්‍ය වෙන එකක් වෙන්න ඇති කියලා..."

-"මට අවශ්‍ය වෙන එකක්? කෝ දෙන්න බලන්න..." J Hope එයාගෙ අතේ තිබුණ ලියුම යුන්ගිගෙ මේසෙ උඩින් තිව්වෙ දෙපාරක් නොහිතා...

ලියුම් කවරෙ දැක්කා විතරයි යුන්ගිගෙ මූණ සුදුමැලි වුණෙ හොල්මනක් දැක්කා වගේ...

-"හ්-හ්‍යුන්ග්?"

-" Park ලියපු ලියුම කොහොමද sweetheart හොයාගත්තෙ? මම හිතුවෙ එයා office එකට ආවට මුකිත් හොයාගන්න බැරි වෙන්න ඇති කියලා... ඒත් මේක..."

-"එතකොට ඕකද ඔයා මට කලින් දවසක කියපු ලියුම..."

-"ඔව් හොබී... මට තේරෙන්නෙ නෑ දැන් මම මොනවා කරන්නද කියලා..."

-"Don't worry hyung... ඔයා දැනටමත් සීක්‍රට්ව බය කරපු නිසා එයා ඔය වැඩ වලට ඇඟිලි ගහන එකක් නැහැ..."

-"She is my sister , Hobi..."

-"ආ ඇත්තද? මං ඒක දැනගත්තෙ අද..." හොබී කිව්වෙ යුන්ගිට ඇද කරන ගමන්...

Infatuative_Romance [Completed]Onde histórias criam vida. Descubra agora