21❤

1.2K 249 92
                                    

Few days later,

Author's POV

පහුගිය දවස් ටිකේම කොරියාවේ ප්‍රධාන මාතෘකාව වුණෙ Min Secret... කෙල්ල campus එකේ කරපු කතාව කවුදෝ කෙනෙක් record කරලා social media දාපු නිසා ඒක ලැව් ගින්නක් වගේ ලෝකය පුරාම පැතිරුණා... ඒත් ඒ විනාඩි 10ක් වගේ පුංචි කාලයකට විතරයි...

සුගා ඒ video එක ගැන දැනගත්ත ගමන්ම තමන්ගෙ underground hacking team එකට කියලා ඒක share වෙන එක නැවැත්තුවා... සීක්‍රට්ට නම් ඒක ගැන ගාණක්වත් තිබුණෙ නැහැ... කොහොමත් කෙල්ල මුල ඉඳන්ම කළෙ එයාට ඕන දේනෙ... ලෝකෙට බම්බු ගහගන්න කියලා සීක්‍රට් එයාගෙ ආතල් එක ගත්තා...

එදා හවස Yoongi විශේෂ සාකච්ඡාවක් තියලා Secret කියන්නෙ කවුද කියලා හැමෝටම කිව්වා... දැන් ඉතින් Min Secret කියලා කියන්නෙ තව දුරටත් ලෝකෙට රහසක් නෙවෙයි...

-"ඕක ඔය විදියට ලියලා හරියන්නෙ නැහැ Mi Amor..." ජන්ග්කුක් කිව්වෙ වෙන ලෝකෙක ඉඳන් තමන්ගෙ පොතේ කුරුටු ගාන සීක්‍රට්ට...

-"Ahh sorry... මම වෙන අවධානෙක හිටියෙ..."

-"ඒකට කමක් නැහැ... දැන් ඉඳලාවත් හරි සිහියෙන් ඕක සම්පූර්ණ කරන්න... මම අපි දෙන්නට බොන්න මොනවාහරි අරන් එන්නම්..." එහෙම කියපු ජන්ග්කුක් library එකෙන් එළියට ගියෙ කෙල්ල මුකුත් කියන්නත් කලින්...

මේ වෙලාවේ සීක්‍රට් , ජන්ග්කුක් දෙන්නම හිටියෙ library එකේ... සුපුරුදු පරිදි අදත් ජන්ග්කුක් කෙල්ලට පාඩම් කියලා දෙනවා...

ජන්ග්කුක් library එකෙන් එළියට යන දිහා බලන් හිටපු සීක්‍රට්ගෙ කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තෙ සුගා කියපු වචන ටික...

He hates you , Sweetheart...

ඔළුවත් දෙපැත්තට ගසපු සීක්‍රට් හැමදේම අමතක කරලා ආයෙම පොතට අවධානෙ දුන්නා... ඒත් එහෙම වෙලා විනාඩි පහක් ගියෙ නැහැ කෙල්ලට මතක් වෙන්න ගත්තෙ පහුගිය දවස්වල ජන්ග්කුක් හැසිරුණු විදිය...

==========
Flashback
==========

Few days ago...

සීක්‍රට් හිටියෙ rooftop එකේ එයාගෙ හ්‍යුන්ග් කියපු දේවල් ගැන හිත හිත...

-"ඇයි ඔයා මෙතන?" පිටිපස්සෙන් ඇහුණ පුරුදු කටහඬ නිසා සීක්‍රට් ඒ පැත්තට හැරුනා...

Infatuative_Romance [Completed]Where stories live. Discover now