35❤

1.3K 266 80
                                    

Author's POV,

-"BABY!!!" ජන්ග්කුක් කෑගැහුවෙ තමන්ගෙ ඇඟ උඩට බර වුණ සීක්‍රට්ව තදින් අල්ලගන්න ගමන්...

ඉක්මනටම කෙල්ලව උස්සගෙන ජන්ග්කුක් විවේක කාමරයට ආවේ දෙපාරක් නොහිතා...

ජන්ග්කුක් එතනින් පිටත් වුණ ගමන්ම ජන්ග්කුක්ගෙ Secretary press conference එක ඉවර කරන බව හැමෝටම දැනුම් දුන්නා...

විවේක කාමරයට ආවා විතරයි ඇස් වහගෙන හිටපු සීක්‍රට් ජන්ග්කුක්ගෙ අත් වලින් මිදිලා තමන්ගෙ ඇඳුමත් හදාගන්න ගමන් ජන්ග්කුක්ගෙන් ඈත් වුණෙ ඈනුමකුත් යවන ගමන්...

සීක්‍රට් කරන දේවල් දිහා ජන්ග්කුක් වගේම ඒ වෙනකොට එතන හිටපු නාරා ( ජන්ග්කුක්ගෙ secretary ) සහ යුකීත් බලාගෙන හිටියෙ confuse මූණු වලින්...

-"ඇයි ඔහොම බලන්නෙ? Press එකෙන් බේරෙන්න ඕනි වුණ නිසයි බොරුවක් කළෙ... හුම්..." සීක්‍රට් කිව්වෙ කිසිම ගාණක් නැතුව...

-"යුකී!!! Ms.Na-Ra... ඔය දෙන්නා මෙතනින් යන්න... මට මගෙ wife එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන..." ජන්ග්කුක් තද ස්වරයකින් එහෙම කිව්වම නාරා එළියට ගියත් යුකී ටික වෙලාවක් රැඳුණෙ සීක්‍රට් කෙල්ලගෙ අතින් අල්ලගත්ත නිසා...

-"යුකීට යන්න දෙන්න සීක්‍රට්... මම හොඳින් කියන්නෙ..." ජන්ග්කුක් කිව්වෙ සන්සුන් කටහඬකින්...

-"බෑ... මට බනින්න නම් යන්නෙ යුකී ඉස්සරහම බනින්න... යුකීත් මෙතනින් ගියොත් ඔයා මට ගොඩක් සැර කරාවි..." සීක්‍රට් කිව්වෙ පොඩි බබෙක් වගේ බිම බලාගෙන...

-"යුකී මෙතනින් යන්න... මම දෙපාරක් කියන්නෙ නැහැ!!!" ජන්ග්කුක් කෑගැහුවම සීක්‍රට් යුකීට යන්න කියලා ඇඟෙව්වෙ ජන්ග්කුක් යුකීටත් බනීවි කියලා හිතපු නිසා...

යුකී කාමරෙන් එළියට ගියාම ජන්ග්කුක් කාමරේ දොර ලොක් කරලා සීක්‍රට්ගෙ ළඟට කිට්ටු වුණෙ කෙල්ලත් නොබියව හෙල්ලෙන්නෙ නැතුව ජන්ග්කුක් ළඟට එනකන් බලන් ඉද්දි...

-"තමුන් හිතන් ඉන්නෙ මහ ලොකු වීරකමක් කියලද? හ්‍යුන්ග්ගෙ හයිය අරගෙනද අතන නාඩගම් නැටුවෙ? කට තියන පලියට කියවන්නෙ නැතුව වැදගත් විදියට හැසිරෙන්න දන්නෙම නැද්ද?" ජන්ග්කුක් ඇහුවෙ එක අතකින් තමන්ගෙ ශර්ට් එකයි ටයි එකයි ලිහිල් කරන අතරෙම අනිත් අතින් සීක්‍රට්ව තමන්ගෙ ළඟට ඇදලාගන්න ගමන්...

Infatuative_Romance [Completed]Where stories live. Discover now