39❤

1.3K 271 60
                                    

At Min Group's HQ,

-"Boss , අද හවසට අපි ඉල්ලපු drugs ටික ඔක්කොම Busan වලට එනවා... එහේ ඒ ටික සති දෙකක් විතර යනකන් තියලා පස්සෙ Seoul වල clubs වලට බෙදනවා... එහෙම තමයි හොබී හ්‍යුන්ග් Plan කළෙ..."

-"ඒ විදිය හොඳයි JM...  ඒ විදියට කරන්න... කෝ අර කෙල්ල ආවද?"

-"ඔව් බොස්... එළියෙ ඉන්නවා... එන්න කියන්නද?"

-"හ්ම්ම්..."

ඒත් එක්කම office එකේ දොරත් ඇරගෙන ඇතුළට ආවේ කළු Jean එකකට කළු පාටින්ම Baggy t-shirt එකක් ඇඳලා කළු කැප් එකක් වගේම කළු mask එකක් දාගනිපු පොඩි ඒත් දරදඬු පෙනුමක් තියන කෙල්ලෙක්...

-"Mask එකයි, කැප් එකයි ගලවන්න..." ජිමින් කිව්වෙ තදින්...

ජිමින්ටයි සුගාටයි ආචාර කරලා කෙල්ල මාස්ක් එකයි කැප් එකයි ගලවද්දි සුගා කෙල්ල දිහා හොඳ අවධානයෙන් බලන් හිටියෙ ටිකක් අවිශ්වාසය පිරුණු බැල්මකින්...

-"මට තාමත් මේ girlව විශ්වාස නැහැ JM... මම මෙයාව අපේ වැඩේට ගත්තෙ ඔයාගෙ වචන නිසා..."

-"මම දන්නවා හ්‍යුන්- බොස්... මට යුකීව විශ්වාසයි... එයා මේ job එක වරද්දන්නෙ නැහැ... එහෙම නේද යුකී?"

-"Yes sir!!!" කොච්චර පුහුණුවක් ලබපු කෙල්ලෙක් වුණත් යුකීත් හිටියෙ හොඳටම බයවෙලා... JM යටතෙ , හොබී යටතෙ පුරුදු පුහුණු වුණ යුකී සුගාව මූණට මූණ හමුවුණෙ පළවෙනි වතාවට...

සීක්‍රට් ගැන හැම තොරතුරක්ම යුකී මෙච්චර කල් කිව්වෙත් ජිමින්ට... කෙල්ලට සුගා කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා කියන එක ගැන යන්තම්වත් අදහසක් තිබුණෙ නැහැ...

-"සීක්‍රට් මැඩම් ගැන විස්තර මොනවද?" සුගා ඇහුවෙ කලබලෙන්...

සුගා අන්තිමටම සීක්‍රට්ව දැක්කෙ මාසෙකට විතර කලින්... ඒත් පැය භාගයක් වගේ සුළු වෙලාවකට... Business වැඩ , Mafia වැඩ නිසා සුගා සීක්‍රට් එක්ක phone එකෙන් කතා කරන්නෙත් සතියකට තුන් පාරක් වගේ ඒත් ගොඩක් පුංචි වෙලාවකට විතරයි... පහුගිය මාසෙ පුරාවටම සුගා සීක්‍රට්ව හමුවෙන්න උත්සාහ කළත් කෙල්ල මොනවම හරි දෙයක් කියලා සුගාව මඟ ඇරියා...

මේ දේවල් වලින් වුණෙ සුගාගෙ කුතුහලය වගේ සැකය තවත් ඇවිස්සෙන එක...

Infatuative_Romance [Completed]Where stories live. Discover now