Next morning ,
Author's POV
-"එපා එපා චිම්... ඕක ඔතන තියන්න එපා... ඊළඟට තියෙන්නෙ ජූන් හ්‍යුන්ගෙ Lecture-"
-"Joon hyung කියලා college එකේදි කියන්න එපා ටේ... මතක නැද්ද එක පාරක් එහෙම කියලා පැය තුනක් එළියෙ හිටගෙන ඉන්න වුණා..." හේසල් කිව්වෙ ටේහ්‍යුන්ග්ගෙ ඔළුවට පොතකින් ගහන අතරෙ...
-"මොකක් වුණත් ටේ කියපු එක ඇත්ත චිම්... ඔයා ඔය Dustbin එක දොරට උඩින් රැඳෙව්වා වගේ නෙවෙයි... Mrs.Choi එන්න කලින් Professor Kim ආවොත් අපි හතර දෙනාටම එල්ලුම් ගස් යන්න තමයි වෙන්නෙ..."
-"සීක්‍රට් , හේසල් එතකොට ටේ ඔයා... ඔය තුන්දෙනාටම මාව විශ්වාස නැද්ද අනේ... මට හොඳටම ඇහුණා Mrs.Choi අද ජූන් හ්‍යු- I mean Professor Kimගෙන් Lecture time එක ඉල්ලගන්නවා..."
-"හරි එහෙනම්... අපි බලමුකො... ඔන්න හැබැයි professor Kim ආවොත් අපි නම් නෑ... ජිමින් හ්‍යුන්ග් ඔයාම වැරැද්ද බාරගන්න..." හේසල් එහෙම කියලා ක්ලාස් එක ඇතුළට ගියෙ අනිත් අයවත් ඇදගෙනමයි...
.
.
.විනාඩි පහළොවක් විතර ගියා...හැමෝම බලන් හිටියෙ Mrs.Choi සම්ප්‍ර්‍රාප්ත වෙනකන්... කලින් දවසෙ වැඩ කළෙ නෑ කියලා ground එක වටේ දුවන්න දුන්නට පලිගැනීම තමයි මේ අද ක්ලාස් එක ඇතුළෙ වෙන්න යන්නෙ...
විනාඩි දෙක තුනකට පස්සෙ හැමෝටම ඇහුණෙ කොරිඩෝව දිගේ එන අඩි සද්දයක්... අඩි සද්දයක් කිව්වට ඒක හීල් එකක් ටයිල් එකේ ගැටෙන සද්දයක්... එන අඩි සද්දෙන්ම ඒ කවුද කියලා අඳුරගත්ත නිසා ජිමින් කොලර් එක ඉස්සුවෙ එයාගෙ යාළුවො තුන් දෙනාට ඇහැක් ගහන ගමන්...
වැඩි වෙලාවක් ගියෙ නෑ... Lecture hall එකේ බාගෙට ඇරිලා තිබුණ දොරත් ඇරගෙන ඒක ඇතුළට ආවේ හැමෝම නොහිතපු පරිදි Professor Kim... දොර උඩ බාගෙට රඳවලා තිබුණ Dusbin එක නම්ජූන්ගෙ ඔළුවෙ රැඳුණෙ මහාචාර්‍යතුමාව විනාඩි තුන හතරකට හොඳටම Confuse කරවලා...සිද්ධ වුණ දේ දැක්කා විතරයි Lecture hall එකේ හිටපු ළමයි හැමෝම ගල් ගැහුණා...
-"ජ් ජ් ජ් ජ ජා ජැ ජු ජේ ජු ජූ ජූන් හ්‍යුන්ග්!!!" ටේහ්‍යුන්ග්ටත් ඉන්න තැන අමතකයි... හෝඩියත් අමතකයි මහාචාර්‍යතුමාගෙ නමත් අමතකයි සිද්ධ වුණු දේ දැක්ක නිසා ...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*