17❤

1.2K 278 101
                                    

Few days later ,

Secret's POV

At Secret's apartment,

[A/N : Italic වලින් තියෙන්නෙ සීක්‍රට්ට හීනෙන් පේන දේවල්... Bold Italic වලින් තියෙන්නෙ සීක්‍රට් නින්දෙන් එයාගෙ හිතත් එක්ක කරන කතාබහ...]

සුදු පාට ලස්සන පුංචි ගවුමක් ඇඳපු හුරතල් ගෑණු ළමයෙක් අතේ රතු පාට රෝස මලකුත් තියාගෙන මද අඳුර පිරුණු කොරිඩෝවක් දිගේ ඇවිදන් ගියෙ තමන් එක්කම සතුටින් හිනාවෙන ගමන්...

ඇ-ඇයි මට එයාගෙ මූණ පේන්නෙ නැත්තෙ? ඒ ම-මමද?

සීක්‍රට්න නින්දෙන්ම ඇඳේ ඒ මේ අත දඟලන්න ගත්තෙ තමන්ගෙ හිතත් එක්ක නොදැනිම වගේ රණ්ඩු කරන අතරෙ...

-"Kookie-yah... Where are you?" පුංචි කෙල්ල ඒ විදියට කෑගැහුවෙ කොරිඩෝව දෙපැත්තෙ තියන කාමර වලට එබිලා බලන්නත් අමතක නොකර...

-"ඔයා කොහෙද ඉන්නෙ? මට ඔයාව හොයාගන්න බෑනෙ... ඊළඟ පාර මම හැංගෙන්නම් ඔයා හොයන්න... හාද? අනේ ඔයා කොහෙද? එළියට එන්නකෝ... KOOKIE-YAH..." කෙල්ල ඇඳුමෙ කොනක් අල්ලගෙන ඒකත් එක්ක සෙල්ලම් කරන ගමන් එහෙම කිව්වෙ බිම බලාගෙන තොලත් පිට පෙරළගෙන...

මේ තැන ගොඩක් අඳුරුයිනෙ... මේ කොහෙද? ඒක හරියට Basement එකක් වගේ... ඒත් අපේ mansion එකේ basement එක මීට වඩා වෙනස්නෙ...

-"හුම්ම්ම්... එයා මෙතනත් නෑ වගේ... Garden එකෙත් හෙව්වා නම් හරි..." තමන්ටම කියාගත්ත පුංචි කෙල්ල එතනින් යන්න හැරුණත් තවත් අඩියක්වත් ඉස්සරහට නොතියා එතනම නැවතුණෙ කන බිහිරි කරන තරමට ඇහුණ කෑගැහිල්ලක් නිසා...

එතනින් දුවලා යන්න හිතුණත් ඒ අදහස පැත්තකට විසි කරපු පුංචි සීක්‍රට් අතේ තිබුණ රෝස මලත් තවත් තද කරලා පපුවට තුරුල් කරගෙන හෙමින් හෙමින් කෑගැහිල්ල ඇහුණ පැත්තට ළං වුණා...

-"Secret!!!"

කොරිඩෝව දිගේ දිගටම ඇවිදන් යද්දි පුංචි කෙල්ලට ඇහුණෙ නපුරු හිනාහඬක්... පිරිමියෙකුගෙ හිනාහඬක්... ගෑණු කෙනෙක්ගෙ වේදනාකාරී විලාප...

-"SECRET!!!"

බයෙන් බයෙන් ඒ පැත්තට කිට්ටු වුණ පුංචි ගෑණු ළමයා හිටපු ගමන් එක තැන නතර වෙලා එයා ඉන්න තැන බිම බැලුවෙ කකුල මොනවදෝ දියර දෙයක් පෑගුණ බව දැනුන නිසා...



Infatuative_Romance [Completed]Donde viven las historias. Descúbrelo ahora