At JK's penthouse ,
Author's POV
ජන්ග්කුක් Balcony එකට වෙලා Seoul නගරය පුරාම විහිදෙන ලයිට් එළි දිහා බලන් හිටියෙ අතැඟිලි අතරෙ රැඳුණ Cigarette එකෙන් සැරෙන් සැරේ පුංචි දුම් වළාවක් හුළඟට එකතු කරන අතරෙ...
ඒත් වැඩි වෙලාවක් යන්න කලින් ජන්ග්කුක්ගෙ අවධානය ගත්තෙ කලිසම් සාක්කුවෙ vibrate වුණ තමන්ගෙ phone එක...
Detective Lim : Sorry sir , තව දවස් තුනක් ඇතුළත ඒ girl ගැන විස්තර හොයාගන්න මම පොරොන්දු වෙනවා... දැනට මම හොයාගත්ත දේවල් වල විදියට Mr.Min එයාගෙ නංගිගෙ තොරතුරු හැම එකක්ම හංගලා තියෙන්නෙ...
JK : කොරියාවේ ඉන්න දක්ෂම detective මම මේ වැඩේට ගත්තෙ ඔය වගේ විකාර අහන්න නෙවෙයි , Lim... අනිත් එක දැනට ඉන්න හොඳම Detective විදියට තමුන් දන්නවා ඇති Mr. Min Yoongi කියන්නෙ ඇත්තටම කවුද කියලා... ඒක නිසා පරිස්සමට වැඩ කරන්න...
Detective Lim : Okay sir.
හොයලා බලන වැඩ වල කිසිම ප්‍රථිපලයක් නැති නිසා ඒ තරහටත් එක්ක ළඟ තිබුණ මල් වාස් එකක් පොළොවෙ ගහපු ජන්ග්කුක් එයාගෙ කාමරේට ඇතුළට ගියෙ අතේ තිබුණ cigarette එකත් බිම දාලා කකුලෙන් පාගලා පොඩි කරන්න අමතක නොකර...
.
.
.At Suga's mafia HQ Basement ,
Phone එකට ආපු message එකට 'Okay sir' කියලා reply කරපු Mafia King ඊළඟට හැරුණෙ ඇඟ පුරා ලේ පෙරාගෙන පුටුවක තදින් බැඳලා දාලා හිටපු 'කොරියාවේ දක්ෂතම රහස් පරීක්ෂකයා' දිහාවට...
-"L-Let me go , S-Sir... P-Please..." පරීක්ෂකවරයා කිව්වෙ ඇඟේ ඉතුරු වෙලා තියන අන්තිම ශක්තියෙන් අමාරුවෙන් කතා කරන ගමන්...
Mr.Limගෙ බය පිරුණු කටහඬ ඇහුණා විතරයි සුගා කළෙ Basement එක දෙදරන තරම් හයියෙන් හිනාවෙන එක... හිනාවකට වඩා ඒක අහන් ඉන්න කෙනෙකුට ගෙනාවේ දරාගන්න බැරි මාරාන්තික , බියගුළු හැඟීමක්...
-"මම තමුසෙට කලින් වතාවකුත් කිව්වා Lim... මගේ වැඩ වලට ඇඟිලි ගහන්න ආවොත් තමුසෙව ඉවරයක් කරන බව... තමුන් මෙච්චර කල් ජීවත් වුණෙ තමුන්ගෙ දක්ෂකම නිසා කියලා හිතනවා නම් ඒක ලොකු වැරදීමක්... ඇත්ත ඒක නෙවෙයි Lim... තමුන් මෙච්චර කල් නිදහසේ හුස්ම ගත්තෙ මම තමුන්ට ඒ විදියට හුස්ම ගන්න අවසර දීපු නිසා..."
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*