Author's POV ,
Few days later ,
At Jeon corporation ,
-"Welcome madam... මැඩම් ආවේ සර්ව හමුවෙන්නද?" Jeon corporation එකට අයිති ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුල් වෙද්දිම එතන ඉන්න පිළිගැනීමේ නිළධාරිනිය සීක්‍රට්ව පිලිගත්තෙ ඒ විදියට...-"ඔව්... ජන්ග්කුක් මේ වෙලාවේ කොහෙද ඉන්නෙ?"
-"සර් නම් දැන් meeting එකක මැඩම්... මැඩම් සර්ගෙ Office එකෙන් ඉන්නකො..."
-"Okay... තරහ නැතුව ජන්ග්කුක්ගෙ office එක තියන floor එක කියන්න පුළුවන්ද?"
-"37 වෙනි Floor එක මැඩම්... ඒ floor එකෙව් තියෙන්නෙ සර්ගෙ office එකයි Chief secretaryගෙ office එකයි විතරයි..."
Receptionist එහෙම කියනකොටත් සීක්‍රට්ගෙ මුළු ඇඟම තරහින් පිච්චෙන්න ගත්තෙ නාරාගෙ මූණ මතක් වුණ නිසා...
අයිශ්... මේ මහ දවාලේ නිකන් ලේ කෝප කරගන්න මමත් ආවනෙ ගොනා වගේ... College එක නොතිබුණ නිසා තමයි මේ ඔක්කොම... ඒක තිබ්බා නම් මගෙ so called husbandගෙ lunch එක අරන් මෙතනට එන්න ඕනි නෑනෙ... රෙද්ද...
අර uncle Hanටත් ඉන්න පාඩුවෙ බෑනෙ... 'මැඩම්... හැම husband කෙනෙක්ම ආසයි wife අතින් ලැබෙන කෑම එකක් කන්න... ඒ නිසා අද මැඩම් යන්නකො මාස්ටර්ගෙ Office එකට...'
නම රැකගන්න ඕන නිසා ආවා මිසක් වෙන මගුලකට ආපු ගමනක් නෙවෙයි මේක... ජන්ග්කුක්ට ආදරේ නිසා නම් නෙවෙයි මම මේ ගමන ආවේ... hmph!!!
Receptionistටත් ස්තූති කරපු සීක්‍රට් එහෙම හිත හිත ගිහින් Lift එකට නැග්ගා...
.
.
.CEOගෙ office එකේ දොරත් ඇරගෙන ඇතුළට ගියපු සීක්‍රට් දැක්කෙ ජන්ග්කුක්ගෙ මේසෙ ළඟට වෙලා document වගයක් හද හද ඉන්න නාරාව...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*