Author's POV
-"Marry me , Mi Amor..."
ජන්ග්කුක් කියපු ඒ වචන ටික ඇහුණ ගමන්ම සීක්‍රට් ජන්ග්කුක්ව ඇඟ උඩින් තල්ලු කරලා couch එකෙන් නැගිට්ටෙ කලබලෙන් ඇඳුමත් හදාගන්න ගමන්...
-"ඔයා මට එන්න කිව්වෙ ඒක කියන්න නම් I'm sorry Kook... මම යනවා... පරක්කු වෙලා..." එහෙම කියාගෙන සීක්‍රට් ප්‍රධාන දොර පැත්තට යන්න හැරුණා...
ඒත් කෙල්ලට අඩි දෙකක්වත් ඉස්සරහට යන්න බැරි වුණෙ ජන්ග්කුක් ඉක්මනටම ඇවිත් සීක්‍රට්ව backhug කළ නිසා...
-"J-Jungkook..."
-"ඔයා ඔයාගෙ හ්‍යුන්ග්ට ගොඩක් ආදරෙයි නේද Mi Amor?" ජන්ග්කුක් මිමිණුවෙ කෙල්ලගෙ කන ලාවට හපන ගමන්...
-"ඔව්... ගොඩක්... තමුන් එයාට මොකක් හරි කර-"
-"No way baby... Mafia king Sugaට අත තියන්න මම කවුද?" ජන්ග්කුක් කිව්වෙ හයියෙන් හිනාවෙලා සීක්‍රට්ව තමන්ගෙ පැත්තට හරවගෙන කෙල්ලව එතන තිබුණ මේසෙට හේත්තු කරන අතරෙ...
සීක්‍රට් මොනවා හරි කියනකම් ජන්ග්කුක් ටික වෙලාවක් බලාගෙන හිටියත් කෙල්ලගෙන් කිසිම කතාවක් නැති තැන ජන්ග්කුක් ආයෙම කතා කරන්න ගත්තෙ සීක්‍රට්ගෙ මූණ පුරා පුංචි පුංචි හාදු තියන ගමන්...
-"ඒත් Mi Amor... ලෝකයම හොයන Mafia King Suga වගේම කොරියාවේ powerful businessman කෙනෙක් වෙන Min Yoon Gi කියන්නෙ එකම කාසියෙ දෙපැත්තක් කියලා ලෝකය දැනගත්තොත්?" ජන්ග්කුක් කිව්වෙ උපරිම අහිංසක විදියට හිනාවෙලා...
-"තර්ජනය කරනවද?" සීක්‍රට් ඇහුවෙ ජන්ග්කුක්ව තමන්ගෙන් ඈත් කරන අතරෙ...
-"Yes baby..." Jungkook කිව්වෙ තවමත් අර අහිංසක හිනාව මූණෙ රඳවගෙන...
-"ඔයා කවදාවත් ඒ වගේ දෙයක්-"
සීක්‍රට් කියලා ඉවර වෙන්නත් කලින් කෙල්ල දැක්කෙ තමන්ගෙ phone එකේ මොනවද type කරන ජන්ග්කුක්ව...
-"මොනවද ඔයා කරන්නෙ කුක්?" සීක්‍රට් එහෙම ඇහුවම ජන්ග්කුක් එයාගෙ phone එක සීක්‍රට්ට පෙන්නුවා...
ඒකෙ තිබුණෙ වාර්තාවක්... සුගා කියලා කියන්නෙ මින් යුන්ගි කියලා ඔප්පු කරන්න පුළුවන් හැම දෙයක්ම ඒ file එකේ තිබුණා...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*