Secret's POV,
ඇඟට දැනුන ලොකු මහන්සියත් අමතක කරලා අමාරුවෙන් ඇස් අරිද්දි මම දැක්කෙ කවදාවත්ම දැකලා නොපුරුදු කාමරයක්...
මේ කොහෙද?
අන්තිමට මට මතක විදියට මම හිටියෙ පාරෙනෙ...
මෙතනට කොහොමද ආවේ?
හැප්පිලා මැරුණාවත්ද?
එතකොට මේ දිව්‍යලෝකෙද?
Ewww දිව්‍යලෝකෙ මේ තරම් ජරා තැනක් වෙන්න බෑ... අනික කරලා තියන වැඩ වල හැටියට එකත් එකටම මේ අපාය වෙන්න ඕන... ඉන්න කාමරේ දැක්කම නම් හිතෙන්නෙ යම රජ්ජුරුවො මට VIP treatments දීලා කියලා...
-"Good morning Mrs.Jeon..."
යම රජ්ජුරුවො ශේප් කරගෙන අපායෙන් පනින විදිය plan කර කර හිටපු මම හරි සිහියට ආවේ අහලා පළපුරුදු කටහඬකින්...
Min Seok!!!
මම වාඩිවෙලා ඉන්න තැනින් නැගිටින්න හැදුවත් එතකොට තමයි තේරුණෙ මාව පුටුවකට තියලා බැඳලා දාලා කියලා...
-"ඊයෙ හවස ඔයාව අල්ලගත්ත වෙලාවෙ ඉඳලා මේ වෙනකන් හොඳටම නිදිනෙ... පේන විදියට Jungkook ඔයාට නිදාගන්න දෙන්නෙම නෑ වගේ..."
මින්සොක් හයියෙන් හිනාවෙලා කිව්වම එයාගෙ පස්සෙන් ඉන්න සහචරයො ටිකත් මගේ දිහා බලලා කිණ්ඩියට හිනා වෙද්දි මමත් අහිංසක විදියට හිනාවෙලා කතා කරන්න පටන් ගත්තා...
-"ඔව් ඉතින් husband and wife අතරෙ ඒ වගේ දේවල් වෙන එක සාමාන්‍යයිනෙ... අනික Jungkook මං එක්ක ඉන්නෙ නැතුව තමුසෙලා එක්ක ඉන්නද?"
මම කියපු දේට හැමෝගෙම හිනාව මොහොතකට නැති වෙලා ගියත් ආයෙත් ඒ අය හිනාවෙන්න ගත්තෙ එතන හිටපු කෙනෙක් කියපු දෙයක් නිසා...
-"කෙල්ල කියන කතාව සාධාරණයි boss... බලන්නකො ඒ ඇඟ දිහා..."
-"ඒක ඇත්ත bro... Jeon වුණත් එයාගෙ ඔම්මගෙ මිනීමරුවට සමාව දීලා ළඟින් තියාගත්තෙ ඒ හේතුව නිසා වෙන්න ඇති..." තවත් කෙනෙක් එහෙම කියද්දි මින්සොක් මගේ දිහා බලලා උරහිස් හකුළලා හිනාවුණෙ 'මම නම් මුකුත් කිව්වෙ නෑ' කියලා කියන්න වගේ...
කියන්න දේවල් දාහක් කටට ආවත් මුකුත්ම නොකියා මම අහක බලාගත්තෙ සමහරවිට ඒක ඇත්තක් වෙන්න ඇති කියලා මගේම හිත මට කියපු නිසා...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*