Episode 01

32 5 2
                                    

                    𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               01

🎶 I'm the one I should I love in this world ....
Bin na nun na rul...
So jung han ne young ho nul ... 🎶

( I'm the one I should I love in this world....
shining me, precious soul of mine,
I Finally realize so I love me .... )

උදේ පාන්දරම alarm එක වැදුනේ ආසම කටහඩින් ... කොච්චර කම්මැලිකමක් දැනුනත් ඒ කටහඩත් ඒ ගීතයේ තේරුමත් නිසාම කේට්ගේ හිතට දැනුනේ පුදුමාකාර ශක්තියක් වගේ හැගීමක් .... දෙඇස් පියාගෙනම alarm එක off නොකරම ඒ ගීතය ගායනා කරමින්ම අහගෙන හිටියේ තමන්ගේ දෙඇස් ඉදිරියේ ගීතයේ ගායකයාව මැවි මැවි පෙනෙද්දී ...

ගීතය අවසන් වනවාත් එක්කම දෙඇස් ඇරලා බලපු කේට් වීදුරු ජනේලයේ කර්ට්නර්ස් අතරින් එන හිරුඑලිය දෙස දෙඇස් හීනි කරන් බලාගෙන ඉදලා ආයෙම වෙලාව බලලා ඇදෙන් බැස්සේ දෙඅත් දෙපසට විහිදුවමින් ඇගෙ හිරී කඩන ගමන්මයි ....

ඇදත් අස්පස් කරලා කර්ට්නර්ස් දෙපසට තල්ලු කරලා දාලා කේට් කෙලින්ම ගියේ නානකාමරයට ... සුපුරුදු ලෙසම ගීතයක් මුමුණමින් ඇගපත හෝදගෙන දනහිය ලගට ගවුමක් ඇදලා ඉනෙන් පහලට දිග කොන්ඩේ උඩට කරලා පෝනිටේල් එකක් දාගෙන පහලට දිවගිය කේට්, පාන් පෙත්තකට ජෑම් ආලේප කරමින් ඉන්න මවගේ කොපුලකටත් කෑම මේසයේ වාඩිවෙලා පාන්පෙත්තක් කකා හිටපු තාත්තාටගේ කොපුලකටත් හාදුවක් දුන්නේ ඔහු ඇගේ කොපුලක් පිරිමද්ද්දී ...

" ගිහිං එන්නම්ම්ම් ... හවසට හම්බෙමු ... "

" පරිස්සමින් ගිහිං එන්න කේට් ... ජේසු පිහිටයි .... "

" අහ් දු ඔය මල් ටික අරං යන්න ... "

තාත්තා අතවනලා කියද්දී අම්මා කෑම මේසෙ උඩ තිබුණු උදේ පාන්දර වත්තෙත් කඩාගත්ත රෝසමල් ඉති හතරකුත් ඕකීඩ් මල් ඉත්තකුත් පෙන්වමින් කියද්දී කෙල්ල එය අතට ගත්තේ මද සිනාවකින් සංග්‍රහා කරමින්මයි ....

වත්තේ අයිනෙ නවත්තලා තිබුණු තමන්ගේ ladies bicycle එකට නැගලා ඉදිරිපස තිබුණු බක්කියට මල් පොකුර දාලා කේට් බයිසිකල් එක පාරේ අයිනෙන්ම හෙමීට පැදගෙන ගියේ උදේපාන්දර හමන මුහුදු සුළග ඇගට වදිද්දී පුදුමාකාර නිදහසක් එන නිසයි ... විනාඩි දහයකින් පමණ කුඩාවට අමුතුම ලස්සනකට හදලා තියෙන විවිධ විවිධ ව්‍යාපාර කරන කඩපේලිය පහු කරගෙන කෙල්ල ආවේ තමන්ගේ පවුලේ එක් පුංචි ව්‍යාපාරයක් වන Coffee shop එකට ... තාමත් උදේ 7ටවත් නැති වුනත් විදේශිකයින් වගේම තරුණ තරුණියන් Jogging track එකේ දුවදුනවා, වේගයෙන් ඇවිදිනවා වගේම ඇතෙමුන් ඒ මහ මුහුද දිහා බලාගෙන වැල්ලේ වාඩිවෙලා ඉන්නවා .... කේට් බයිසිකලය තමන්ගේ කඩයේ අයිනේ වවලා තියෙන පුංචි මල් පැල ලගින්ම නවත්තලා දාලා කඩේ ඇරගෙන ඇතුලට ගියේ මල් පොකුරත් අරගෙනමයි .... ඒ කඩපේලියෙන්ම ලස්සනම හුරුබුහුටිම restaurant එක තිබුණු කේට්ට ... ගොඩක් ලොකු නැති වුනත් හුගක් පාරිභෝගිකයෝ ආවේ ඡායාරූප ගැනීමටයි ... මුහුදට මුහුණලා තිබෙන කොටස තනිකර වීදුරුවෙන් ආවරණය කරලා තිබුනේ පාරිභෝගිකයින්ට මුහුද දිහා බලාගෙන කෝපි පානය කරන්න පුලුවන් නිසයි ... ඒ වගේම එක් පැත්තකින් විවිධ භාශාවන්ගේ පොත් රාක්කයක්ද අනෙක් පසෙන් මුහුද වෙරලෙන්ම ඇහිදගත්ත සිප්පිකටු , කොරල්පර , කැඩිච්ච හක්ගෙඩි වගේ ඒවා පිරුණු රාක්කයක් ... මුලු බිත්තිය පිරෙන්නම බලිරූප වගේ අමුතු අමුතු රූප නිසාම coffee shop එකේ පෙනුම තවත් ලස්සන කරා....

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now