𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
02" ඒක ඇත්තක්ද ... බිග්හිට් එකෙන් අපිව ට්‍රයිනීස්ලා විදියට සිලෙක්ට් කරලද ... අහ්හ් ... "
රූත් ආපු ගමන්ම කෑ ගගහා උඩ පැන පැන ඇහුවේ තාමත් ඒක විශ්වාස නෑ වගේ දැනෙන නිසා ....
සියෑන් රූත්වත් ඇදගෙන වටමේසෙ ලගට එද්දී යූවී ඔවේන්ට බින්බෑග් එකක් ඇදලා දුන්නේ නිදහසේ ඉදගන්න පහසුවෙන්න ... ඒ තුන්දෙනා ඇරෙන්න අනෙක් අය මේ මේල් එක කියවන සියවනි වතාව වගේ ... ලියෑන් හැමෝටම ඇහෙන්න මුල ඉදන් අකුරක් නෑරම ආයෙම කියවද්දී කේට් හැමෝටම තම තමන් කැමති කෝපි එකයි කේක් කෑලියි පිලිගැන්වලා ආයෙම ඇවිත් ලියෑන් ලගින් ඉදගත්තා ....
" තව මාසෙකින් විතර අපි කොරියාවේ ... හිතාගන්නවත් බෑ අප්පා ... "
සියෑන් ඇගේ පෙම්වතාව වැලදගෙන කියද්දී ඔහු ඔව් කියන්න හිස සෙලෙව්වේ ආසාවෙන් ...
" ඇත්තටම මන් හිතුවෙ නෑ හයිබි එකෙන් අපිව සිලෙක්ට් කරයි කියලා .... බලන්නකෝ අනික එයාල අපිව බිග්හිට් මියුසික් වලටමයි සිලෙක්ට් කරලා තියෙන්නේ ... "
යූවී පුදුමයෙන් වගේ කියද්දී හැමෝම ඔහු දෙස බැලුවේ එය අනුමත කරන්න වගේ ...
" අනේ මට කලන්තේ වගේ අප්පා හිතද්දිත් ... අපි එහෙට ගියාම bts , txt , seventeen ඒ ඔක්කෝවම දකියි නේ .... අහ්හ්හ් අම්මෝඕඕඕඔ ..... ඒ විතරක්ද අවෝර්ඩ් සෙරමනි වල ඔක්කෝම ආර්ටිස්ට්ලව දකියි ..."
රූත් කෑ ගගහා කියද්දී හැමෝම හිනාවුනේ සතුට වැඩිකමට හුස්ම හිරවෙන්න වගේ එද්දී ...
කියව කියව ඉදලා හැමෝම කේට්ගේ ගෙදර ගියේ ඇගේ මව රාත්‍රී ආහාර පිළියෙල කර ඇති බවට ලැබුණු පණිවිඩයට ..... ඔවුන් මාස ගාණක් තිස්සේ බලාගෙන හිටපු මේ පණිවිඩය නිසාම කේට්ගේ අම්මා කෑම හදලා තිබුණේ උත්සවයකට වගේ ... හැමෝම කෑම මේසෙ ඉදගෙනත් කතා කලේ ඉස්සරහට කරන්න ඕන දේවල් ගැන ....
හත්දෙනාම රෑටත් කාලා එලියට බැස්සේ කේට්ගේ අම්මා අතුරුපසට හදලා තිබ්බ ලාවාකේක් කප් ටිකත් අතට අරගෙනමයි ....
" ඒකනෙමෙයි දැන් අපි ඉරිදට ආයේ පර්ෆෝම් කරන්න ඕනනේ ... ඉතින් ප්‍රැක්ටිස් වෙන්න ඕනෙ ... අපි හතර දෙනා නම් හරි ... ඒත් මේ වැඩ කරන තුන්දෙනා ... "
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹