Episode 27

17 4 4
                                    

                     𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                            27

ඒ කතාව අහන් හිටපු ජින් ආයෙම හැරිලා ගියේ ඒ හැම වචනයක් ගානෙම ඔහුගෙ පපුව පිච්චීගෙන වගේ ගිහිං දෙඇස් වලට කදුලු උනද්දී .....

" අනී ජිමිනා .... මන් ඒ අදහස අත ඇරගෙන ඉවරයි .... "

" ඒ කිව්වේ හ්‍යොන්ග් .... "

" මන් කේට්ට ඒ ගැන කියන්නෙ නැහැ .... මන් දන්නෙ නෑ ජිමිනා ... මට ඒක කරන්න බෑ ... ජින් හ්‍යොන්ග් කැමතී කියපු කෙල්ල ඒ ... ඉතින් මන් කොහොමද ..."

" අනී හ්‍යොන්ග් .... එදා ජින් හ්‍යොන්ග් කිව්වනේ ඒක එහෙම නෑ කියලා ..."

" ඒක එහෙමයි ජිමිනා .... මන් ඔයාට වඩා අවුරුද්දකට හරි වැඩිමල් මට හැමදෙයක්ම තේරෙනවා ... ජින් හ්‍යොන්ග් එයාට කැමැත්තක් නැතුව ඔහොම asked out කරයි කියලා ඔයා හිතනවද ... අනී .... මොකක් හරි වෙලා තියෙනවා ... හ්‍යොන්ග් එක්කෝ මන් ගැන දැගන්න ඇති ... "

ජේහෝප් ලාවට හිනාවීගෙන ජිමින් දිහාම බලන් කියද්දී ඔහු අහන් හිටියේ නිරුත්තර වෙලා ....

" අනී ඕවා වැඩක් නෑ .... කොහොමහරි මට දැන් කේට්ට ඒ ගැන කියන්න හිතෙන්නෙ නෑ ජිමිනා ....බලමුකෝ ... හැමදේම හරියි වගේ දැනුනොත් කියන්නම් මන් එයාට ... "

" අනේ මන්දා හ්‍යොන්ග් ... මට තෙරෙන්නෑ ..."

" හිතන්න එපා ජිමිනෝ .... ඔයා මේ ගැන කාටත් කියන්නත් එපා ... බලමුකො මොකද වෙන්නෙ කියලා .... "

ජේහෝප් හිනාවීගෙන කියලා ජිමින්ගේ කොන්ඩේ අවුල් කරේ ඔහුව හිනස්සන්න වගේ ...

" අහ් අහ් ...දැන් මට මේක බලාගන්න ඕනෙ ... යනවා මෙතනින් ... "

ඔහු ආයෙම කොලේ පෙන්නලා කියද්දී ජිමින් හිනාවීගෙනම එලියට ගියේ වී ව හොයාගෙන ....

Tdh Day2 දේගු වල තිබුණු ෆෑන් සයින් මීටින් එක ඉවර වෙලා ඔවුන් ඊටපහුවෙනිදම ආයෙම ගියේ ඉල්සාන් වලට ... ඊටපස්සේ ඒ ෆෑන්සයින් මීටින් දෙක ඉවර වෙලා ආයෙම බූසාන් වලටත් අවසාන වශයෙන් සෝල් වලටත් ඇවිත් අවසාන ෆෑන් සයින් මීටින් දෙකම ඉවර කරලා ඔවුන් නොඉවසිල්ලෙන් හිටියේ ඔවුන්ගේ ජීවිතයේ පලමුවෙනි කොන්සර්ට් එක දවස එනකන් .... සෝල් වල ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක ඔවුන්ගේ ස්ටේජ් එක හදලා තිබුණේ .... ඔවුන් කොන්සර්ට් එකට කලින් දවසේ රියසල් කරලා ආයෙම හොටෙල් එකට ඇවිත් රෙස්ට් කරේ හෙට දවස ගැන හීන දකිමින් .....

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now