Episode 07

13 4 1
                                    

                    𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               07

සාමාන්‍ය සාක්කු ගොඩාක් තියෙන ආමි කලිසමට කලුපාට ඕවර්සයිස් කමිසයක් ඇදලා බූට් දෙකක් දාලා හිටපු ජන්ග්කුක්ව දකිද්දී කේට් දෙඇසුත් ලොකු කරගෙන හෙමීට බැලුවේ ගායුල් දිහා ... ගායුල් බයවෙලා වගේ ඔහු දිහා බලාගෙන ඉද්දී ජන්ග්කුක් සාක්කුවට අත දාලා මොකක්දෝ අරගෙන ගායුල් පැත්තට අත දික් කරා ....

" ඔයා අද උදේ කඩාගෙන දුවද්දී මේක වැටුණේ .... "

ජන්ග්කුක් හිනාව තද කරගෙන වගේ ඇස් වලින් පවා හිනාවෙවී කියද්දී කේට් එකපාර හිනාව තද කරගෙන අහක බලාගත්තේ අතින් කටවහගෙනමයි ....

" අහ් .... යේ .... කම්ස හම්නිදා ජන්ග්කුක්-ශී ..."

ගායුල් පුටුවේ ඉදගෙනම කියලා ඔහුගේ අතේ තිබුණු බ්‍රේස්ලට් එක ඇදලා වගේ ගනිද්දී මෙච්චර වෙලා හිනාව තද කරගෙන හිටපු කේට්ට හිනාව එලියට පැන්නේ ගායුල් මෙච්චර බයවෙලා වගේ ඉන්නවා කවදාවත් දැකලා නැති නිසා .... ජන්ග්කුකිත් ඔහුගේ හා දත් පේන්නම හිනාවුනේ ගායුල් කඩාගෙන දුවපු විදිය ආයෙම මතක් වුන නිසයි ....

" යාආආආ .... ජන්ග්කුකා ... මෙහෙ එන්න ..."

" ක්(අ)රේ හ්‍යොන්ග් ....
මන් යන්නම් එහෙනම් ... "

" ක්(අ)රේ ...."

එකපාර ජින් කෑ ගහලා වගේ කතා කරද්දී ජන්ග්කුක් ඔහුටත් පිලිතුරු දීලාම ආයෙම ගායුල් දිහත් කේට් දිහත් බලලා කියලා යන්න හදද්දී ඔහුට පිලිතුරු දුන්නේ කේට් ... ගායුල් හිටියේ බිම බලාගෙන ....

" ගායු...ල් ... මේ බඩ්ඩක් අහන්නද ..."

අතට බ්‍රේස්ලට් එක බදින ගමන් ඉන්න ගායුල්ගෙන් කේට් හිනාව තද කරගෙන වගේ අහද්දී ගායුල් හරි කියන්න හිස සෙලෙව්වේ කේට් දිහා දෙබැමිත් ලන් කරගෙන බලලා ...

" පැයට හැතැම්ම කීයටද බන් දිව්වේ ..."

හිනාවෙවී අමාරුවෙන් අමාරුවෙන් වගේ වචන ටික ගලපගෙන අහපු කේට් එකපාර කෑ ගහලා වගේ හිනාවුනේ බඩටත් අත තියාගෙන .... ඒ දිහා බලන් හිටපු ජිමිනුයි ජේකේයි එකපාර මූණට මූණ බලාගත්තේ ඒ හිනාව ජින්ගේ හිනාවට හපන් නිසා ...

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now