Episode 11

15 4 3
                                    

                    𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               11

" මන් ජොන්ග් යී හ්‍යොන්ග්ට කෝල් කලා ... එයා ගායුල්ව කන්ටැක් කරගන්න ට්‍රයි කරා ලු ඒත් කෝල් ආන්ස්වර් කරන්නෙ නෑ එයා ...."

" හ්‍යොන්ග් කොහොමද දන්නෙ එයාලා දෙන්නා එකට ගිහිං තියෙන්නෙ කියලා ..."

" සෙක්‍යුරිටි කැමරා චෙක් කරා ... දෙන්නම කැබ් එකක ගිහිං ... මන් ඩ්‍රයිවර්ට කතා කරා ජන්ග්කුක් බලෙන් ඉල්ලගත්තා ලු කී එක ... "

" ආහ්හ්හ් මේ කොල්ලා නම් .... ආවදෙන්කෝ අද ... "

නම්ජුන් හිටියේ හොදටම කේන්ති ගිහිං ... සුගා ත් නැගිටලා ආවේ සාලෙන් ඇහෙන සද්දෙට ... ජිමින් නම් සේජින් ගියවෙලේම නම්ජුන්ගෙන් බැනුම් අහගත්ත හින්දා ඔහු හිටියේ පැත්තකට වෙලා ඉදගෙන ....

පැය කාලකින් විතර ජොන්ග් යී ආවේ කලබලයෙන් ....

" අපි අනිත් අයගෙන් අහලා බලමු ගිය තැනක් දන්නවද කියලා .... "

" හරි හ්‍යොන්ග් අපි යන් .... "

" ඉන්න මාත් එනවා ... "

ජොන්ග් යී bts අපාර්ට්මන්ට් එකට ආපු ගමන් කිව්වේ දොර ලග හිටගෙනමයි ... සේජින් ඒත් එක්කම සෝෆාවෙන් නැගිටලා එද්දී ජිනුත් ඔහුගෙ පස්සෙන් ආවා ... දොර ඇරපු ජේහෝපුත් ජින් එක්කම එද්දී නම්ජුනුත් ආවේ ඔහුත් හොදටම කලබලයෙන් හිටපු නිසා ...

ජොන්ග් යී tdh ලගේ door password දන්න නිසා ඔහු දොර ඇරගෙන ඇතුලට යද්දී ඔහුත් එක්කම සේජින්, නම්ජුන් , ජින් සහ ජේහෝප් හැමෝම ඇතුලට ආවා .... ඔවුන්ව දැක්ක ගමන්ම ෆිල්ම් එකක් දාගෙන බල බල හිටපු යූවී, සියෑන්,ඔවේන්, රූත් හතර දෙනාම කලබලයෙන් සෝෆාවෙන් නැගිටිද්දී කුස්සියේ කෝපි හද හද හිටපු ලියෑනුත් ඉක්මනින්ම සාලෙට ආවේ කුතුහලයෙන් ....

" අහ් ලියෑන් මිඅං හේ මේ වෙලාවේ ආවට ... ඒත් මට දැනගන්න පුලුවන් ද ගායුල් කොහෙද කියලා .... "

ජොන්ග් යී කෙලින්ම ඇහුවේ ලියෑන්ගෙන් ... ලියෑන්ගෙ වගේම අනිත් අයගෙත් දෙඇස් තිබ්බේ සේජින් සහ අනිත් bts මෙම්බර්ස්ලා දිහාවට .... ඔවුන් මේ පලමුවතාවටයි මෙහෙම ඔවුන්ගේ  අපාර්ට්මන්ට් එකට ආවේ .....

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now