𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
44" වාව්ව්ව්ව් සෙක්සි බ්‍රේන් .... නම්ජුනාහ් කුමාවෝයෝ ..."
ජින් හිනාවීගෙන කියලා ඔහුව වැලදගනිද්දී නම්ජුන්ටත් හිනා ......
ජින් එහෙමම කාමරේට ගිහිං ඇදට පැන්නේ දුරකථන අරගෙන කේට්ට ඇමතුමක් ගන්න හදන ගමන් ... ඒත් එක්කම ජිමින් කාමරේට එද්දී ජින් එහෙමම ඔහුගේ දුරකථන ඇද උඩට දැම්මා....
" හ්‍යොන්ග් ...."
" ම්ම්ම් .... යේ .... මල්හ(අ)දා .... "
ජිමින් ඇදෙන් ඉදගෙන මූණත් දෙක කරන් ඉද්දී ජින් ඔහු දිහා බලන් ඉදලා ආයෙම ඔහුගෙ අතින් අල්ලගත්තා...
" වේඒඒඒ...."
" හ්‍යොන්ග් ... මන් ඇත්තටම එයාට කැමතියි ... එයා සාමාන්‍ය කෙනෙක් තමයි අපේ ස්ටාෆ් මෙම්බර් කෙනෙකුත් තමා ... ඒත් මට හිතෙනවා එයා මට ගැලපෙනවා කියලා ..... ඒකයි මන් .... "
" ජිමිනාහ් ... මන් ඔයාට වැරැද්දක් කිව්වෙ නෑනෙ .... එයා ලස්සනයි .... එයා හොදයි නම් ඔයාට ගැලපෙනවා කියලා හිතෙනවා නම් ප්‍රශ්නයක් නෑ .... ඒත් ප්‍රශ්ණෙ ඔයා දුරගිය නොබලා හැසිරෙන විදිය .... එයා කේට්ලා වගේ ගෲප් මෙම්බර් කෙනෙක් නම් බයවෙන්න දෙයක් නෑ මොකද එයාලා අපේ එෆයාර් නවත්වන්න කියනවා මිසක් එයාලව මෙහෙන් අයින් කරන්නෙ නෑනෙ .... ඒ නිසා හිතලා බලන්න .... ඔයාට කලින් වුනා වගේ මේ කෙල්ලවත් අතුරුදන් කරගන්නද ඕනෙ ....."
එක සැරකුත් හයිබි ස්ටාෆ් මෙම්බර් කෙනෙක් එක්කම ඔහුට ප්‍රේම සම්බන්දතාවක් තිබ්බා .... එය අහුවුනාට පස්සේ දවස් දෙකක් ඇතුලත ඇයව සෝල් වලින්ම යවලා තිබ්බා .... ඇයගෙ දුරකථන පවා ඔවුන්ගේ භාරේ තියාගෙන ජිමින්ටත් අලුත්ම සිම් එකක් ගෙනල්ලා දුන්නා... අදටත් දන්නෑ ඒ තරුණිය කොහෙ ඉන්නවද කියලා .... කාලයත් එක්ක ඇයව අමතක වෙලාම ගිහිල්ලා තිබුණත් ජිමින්ට ඇයව ආයෙම මතක් වුනේ ජින් ඉස්සෙල්ලා ඇය ගැන කියද්දී ....
" තේරෙනවා හ්‍යොන්ග් ... මන් පරිස්සම් වෙන්නම් .... "
" මොකක්ද එයාගෙ නම .... කොච්චර කල්ද යාලුවෙලා .... "
" එයා ලී යූ නා .... වයස විසි හතයි .... අපි යාලුවෙලා තාම සති දෙකක් වගේ .... "
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹