𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
36" ලියෑන් .... "
නම්ජුන් ලියෑන් ලගට එන්න අඩියක් ඉස්සරහට තියමින් කියද්දිම ලියෑන්ට අඩියක් පිටුපසට තියවුනේ ඉබේටමයි ...
" Liyan I want to talk with you .... I'm so sorry ... Please come with me just for two mi----"
ඇය ඇසුත් ලොකු කරන් බලන් ඉන්නවා, ජින් එකපාර කඩාගෙන ඇතුලට එද්දී නම්ජුන් කියන්න ගිය දේත් මගින් නවත්වලා පිටුපස හැරිලා බැලුවේ ඒ ආවේ වෙන කෙනෙක් කියලා හිතුණ නිසා ....
" ජූන් අපි යන්න ඕනෙ බැකප් ඩාන්ස්සස්ලා එනවා ... "
" හ්යොන්ග් මන් කතා කලේවත් නෑ ... "
" නම්ජුනාහ් ... "
නම්ජුන් මූණත් අකුලගෙන කියද්දී ජින් ඔහුගෙ නම කිව්වේ අණ කරන විලාසයෙන් .....
" I don't have anything to talk with you just leave please .... "
ලියෑන් නම්ජුන්ගෙ දෙඇස් දෙසම බලන් කිව්වේ එදා ඔහු බැනපු විදිය ආයේ ආයේ මතක් වෙද්දී .... හැමෝම ඇය දෙස බලන් හිටියේ හොදටම පුදුමවෙලා .... නම්ජුන් ඇය දෙසම බලන් ඉදලා ආයේ මොනවදෝ කියන්න කට අරින්න යද්දිම බැකප් ඩාන්ස්සස්ලා ජින් සහ නම්ජුන් දිහත් බල බල ඇතුලට එන්න ගනිද්දී ආයෙම හැමෝම ඉස්සෙල්ලා හිටපු විදියටම වෝම් අප් කරන්න ගත්තේ කාටවත් සැක නොහිතෙන්න ...
" අහ් ජූන් කී හ්යොන්ග් ආවම අපි ආවා කියන්න .... "
" ක්(අ)රේ සුන්බේ ... "
නම්ජුන් ලියෑන් දිහා බලලා කිසිවක් නොකියම එලියට යනවත් එක්කම ජින් බොරුවට හිනාවෙලා කියද්දී ගායුලුත් ඔහුට පිලිතුරු දුන්නෙ අනිත් අයගෙන් පිලිතුරක් නැති නිසා ...
" ලියෑන් ආර් යූ ඕකෙ ... "
" ම්ම්ම් යේ ... "
ලියෑන්ගෙන් කේට් ලංවෙලා අහද්දී ඇය පිලිතුරු දුන්නේ ලාවට හිනාවෙලා වුනත් ඇය හිත යටින් හිටියේ අඩන්න ඔන්න මෙන්න වගේ ....
නම්ජුන් වුනත් හිටියේ දුකින් වගේම හරිම කලකිරීමකින් ඒ වුනත් ඔහුගේ පෞද්ගලික ප්‍රශ්ණ වෘත්තීය ජීවිතය එක්ක පටලගන්න බැරි නිසා ඔහු රියසල් වලට කලින් ඩාන්ස් එක ආයෙම ප්‍රැක්ටිස් කරන්න ගත්තා ... පැය දෙක තුනක් ප්‍රැක්ටිස් කරලා ප්‍රඩියුසර්, මැනේජර්ස්ලා, අධ්යක්ෂවරුන් සහ මුලු ටීම් එක ඉස්සරහම රියසල් කරලා ආයෙම අපාර්ට්මන්ට් එකට ගියේ දවල්ට කාලා ඇගපත හෝදගෙන practice dance වීඩියෝවේ ශූට් එකට ලෑස්ති වෙන්න .... ආපු ගමන් කාලා එක්කෙනා එක්කෙනා නානකාමරයට ගිහිං එනකන් අනිත් අය ඇදවල් වල ඇලවෙලා හිටියේ මහන්සියට ... නම්ජුන්ගෙ හිතේම තිබ්බේ ලියෑන් එක්ක කතා කරලා ප්‍රශ්නේ විසදගන්න ... ඇයට ඇමතුම් ගත්තත් තාමත් ඇගේ දුරකථන ක්‍රියාවිරහිතයි ....
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹