𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
41" යේ හ්‍යොන්ග් ..... කුමාවෝයෝ .... "
නම්ජුන් ජින් දිහා බලලා ලාවට හිනාවෙලා කියද්දී ජින් ඔහුව වැලදගත්තේ නම්ජුන්ගේ පිට පිරිමදිමින්මයි ....
නම්ජුන් බෝර්ඩ් රූම් එකට යද්දී ජී වොන් සහ පීඩී ඇරෙන්න tdh හා bts ටීම් දෙකටම අදාල මැනේජර්ස්ලා සහ ප්‍රධානීන් හැමෝම ඇවිත් හිටියේ .... හැමෝම කුටු කුටු ගගා හිටියේ... නම්ජුන් දොර අරින සද්දෙට හැමෝම නිහඩවෙලා ඔහු දෙස බලද්දී නම්ජුන් ලාවට හිස නවලා ගිහිං ඔහුට අදාල පුටුවේ ඉදගෙන මේසේ උඩින් දෙඅත් තියාගෙන ඇගිලි එකිනෙක පටලවගෙන හිටියේ පීඩී සහ ජීවොන් එනකන් .... වෙනදට රැස්වීම් වලදී නම්ජුන්ව පිලිගන්න සේජිනුත් බිම බලාගෙනම හිටිය නිසා නම්ජුනුත් ඔහු එක්ක කතා කරන්න ගියේ නෑ ....
විනාඩි දෙක තුනක් යද්දී පීඩී සහ ජීවොන් බෝර්ඩ් රූම් එකට ආවේ එකටමයි .... හැමෝම නැගිටලා ඔවුන්ට ආචාර කරලා ඉවරවෙලා ආයෙම ඉදගනිද්දී ජී වොන් ප්‍රධාන ආසනයෙත් පීඩී නම්ජුන්ගෙ එහාපැත්තෙනුත් ඉදගත්තේ ...
ඔවුන් හැමෝම කතා කරන්න ගත්තේ මේ ප්‍රශ්ණෙට විසදුමක් .... වෙන ආර්ටිස්ට් කෙනෙක්ගෙ වගේ වුනා නම් මෙච්චර දුර ගෙනියන්නෙත් නෑ ප්‍රශ්ණෙ ... ඒත් නම්ජුන් ඉන්නේ දරුවව ඕන කියන මතෙත් එක්ක ඔවුන් මේ ගැන සාකච්ඡා කරන්න හිතුවේ ... ලියෑන් ඔවුන්ගේම ආර්ටිස්ට් කෙනෙක් වෙන නිසාම හැමෝම හිටියේ දරුවව නැති කරමු කියන මතේ ....
" දැන් මන් කතා කරන්නම් .... "
ඔක්කොම අහගෙන ඉදලා නම්ජුන් ආසනයෙන් නැගිටින ගමන් කියද්දී හැමෝම ඔහු දෙස බලන් හිටියේ නිහඩවෙලා ....
" ඔයාලා මොන තීරණේ ගත්තත් මන් ඉන්න තීරණේ මන් වෙනස් කරන්නෙ නෑ .... දරුවා මගේ ... තීරණේ ගන්නෙත් මම ... අනිත් ආර්ටිස්ට්ලා වගේ මට ඔයාලට ඕනෙ විදියට මගේ පෞද්ගලික දේවල් වලට ඇගිලි ගහන්න දෙන්න බෑ ... අනික මේ වගෙ දේකදී නම් කොහොමත් බෑ .... ඒ ජීවිතයක් .... එයා ජීවත් වෙන කෙනෙක් .... අමතකද කොරියන් අපි අපේ වයස හදන්නේ අපි බඩේ ඉන්න කාලේ ඉදන් .... එහෙම වෙලත් ඔයාලා කොහොමද ඔහොම අමුනුස්සයෝ වගේ තීරණ ගන්නෙ ඒ කියන්නෙ ඔයාලා මේ මීටින් දාලා කතා කරන්නේ මිනිමැරුමක් කරන්න.... චේබල් ටිකක් මගෙ පැත්තෙන් හිතන්න ... ඒ මගෙ දරුවා .... මට එයාව නැති කරගන්න බෑ .... චෙසොං හම්නිදා .... "
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹