Episode 15

20 4 8
                                    

                      𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               15

ඒ හිටියේ ජින් .... ඔහුව දැක්ක ගමන්ම වගේ කේට් නැගිටලා ඇගේ වතුර බෝතලයයි ප්‍රැක්ටිස් ශෝර්ට් ස්කිනි එක උඩින් අදින චෙක් කමිසයයි සපත්තු දෙකයි ඔක්කොම කලබලයෙන් අරගෙන ඔහු දිහාවත් නොබලම පහු කරගෙන යද්දිම වගේ ජින් ඇගේ වැලමිට ලගින් අල්ලගෙන ඇයව ඔහු ලගට ඇදලා ගත්තා .......

"වේ ... වේයෝ ?? ... "

" කේට් ඔහොම ඉන්න ...
මට ටිකක් කතා කරන්න ඕනෙ ...... "

කේට් ජින් දිහා බලලා කෑ ගහලා වගෙ අහද්දී ඔහුව ගැස්සිලා ගියා .... ඔහු ඒත් නිමිච්චි හඩින් කියද්දී කේට් අත ගසලා දැම්ම පාර ඔහුට ඇගේ අත අතෑරුණා ......

" මෝ මොරාගු ... ආයේ මට බනින්නද .."

" ආනී .... මට ටිකක් .... "

" දේ ... දේ ....හැබැයි කියන දෙයක් ඉක්මන්ට කියන්න .... "

කේට් හිටියේ ඔහු එක්ක කතා කරන්න තියා ඔහුව දකින්නවත් කැමැත්තෙන් නෙමෙයි .... ඔහු කියන්න ගිය දේත් කියලා ඉවර වෙන්න කලින් ඇය කියද්දී  ඔහු ඇය දිහා බැලුවේ දෙබැමිත් ලන් කරගෙන ...

" ඇයි ඒ ඔයාට හදිස්සියක්ද .... "

" ආනී .... එහෙම නෑ ඒත් කියන්න බෑනේ ආයේ කවුරැහරි ෆොටෝ ගහලා මොනාහරි උනොත් නේද ජින්ශි ... මේ පාර මට මගේ ඔම්මාගෙන් බැනුම් අහන්න වෙනවා .... "

කේට් මූණත් හද හද එදා ඔහුම කියපු දේවල් ආයෙම ඔහුට වැදෙන්න කියද්දී ජින්ට කට කොනට ආවේ හිනාවක් ....

" යාහ් ඕක දැන් නවත්තනවා.... මන් එදා කේන්තියෙන් කතා කලේ ... මට මීට කලින් dating rumors ගිහිල්ලම නෑ ....  හැමෝටම වඩා පරිස්සම් උනේ මන් ... මට ගොඩක් අවුල් ගියා ඉතින් ... එහෙම එකක් ඇත්තටම තිබිලා එහෙම උනා නම් දුක නෑ ..."

" ම්ම්ම් ... දේ .... මොනා ගැනද ජින්ශී ඔයාට කතා කරන්න ඕනෙ ... "

" අනී දැන් ඒක ඉවරයි .... මන් ඒ ගැනත් කතා කරලා ඉවරයි .... "

" මෝව් .... "

ඔහු කතා කරන්න ඕන කිව්වට ඒක කියලත් ඉවරයි කියලා කියද්දී කේට් ඔහු දිහා බැලුවේ දෙබැමිත් ලන් කරගෙන .... ඔහු ලාවට හිනාවෙලා ඇය දිහා බලද්දී ඇයටත් අදහගන්න බැරිවුනා මෙහෙම ජින් හොදින් කතා කරමින් තමන් එක්ක මෙහෙම හිනාවෙන එකට ....

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now