𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
49හැමෝම කාලයක් තිස්සේ බලන් හිටපු දවසක් මේ එළබෙන්න යන්නෙ .... ඉතින් හැමෝම හිටියේ හුගක් සතුටින් වගේම නොඉවසිල්ලෙන් .....
ජේජු දූපතේ ලස්සන විවාහ උත්සව ශාලාවක හයදෙනාගෙම විවාහය සිදු කරන්න හැමදෙයක්ම ලෑස්තියි ....
කොල්ලෝ හයදෙනාම එකම කාමරයක ලෑස්ති වෙන්නේ .... නම්ජුන් නම්යන්වත් වඩාගෙන හයදෙනා දිහා බලන් හිටියේ හරිම සතුටින් .... ඔහුට මතක් වුනේ ඉස්සර කොන්සර්ට් වලදී හත්දෙනාම එකට ලෑස්ති වෙන විදිය .... ඒ වුනත් අද හැමෝගෙම මූණ්වල තියෙන්නේ වෙනස්ම සතුටක් .....
" හ්යොන්ග් .... එදා ඉක්මන් වුනේ නැත්තම් අද හත්දෙනාටම එකටම බදින්න තිබ්බානේ ..."
ඔවුන් හත්දෙනාට පිටිපස්සෙන් හිටගෙන බලන් ඉන්න නම්ජුන් දිහා කණ්නාඩියෙන් බලාගෙන ජිමින් කියද්දී අනිත් හැමෝමත් නම්ජුන් දිහා බැලුවේ කණ්නාඩියෙන් පේන ඡායාවෙන් ...
" යාහ් යාහ් ... එතකොට අපේ නම්යන් තාම නෑනෙ .... ඒ නිසා හරියන්නෑ ... පාබෝයා..."
ජින් ජිමින් දිහා බලාගෙන කෑ ගහලා වගේ කියද්දී නම්ජුන්ටත් හිනා ....
" ආශ්ශ්ශ් .... ජිමින්ශි අදවත් ගොන් කතා කියන්නෙ නැතුව ඉන්නවකෝ...."
" යාහ් ජන්ග්කුක්ශී මොකද .... "
" අහ්හ් කෑ ගහන්නෙ නැතුව ඉන්නවලාකෝ .... අදවත්..."
ජන්ග්කුක් ජිමින් රණ්ඩු කරන්න වගේ හදනවත් එක්කම සුගා කෑ ගැහුවේ ලාවට හිනාවීගෙන ....
" අයිගූ තාම පොඩි ලමයි වගේ ... මන් එලියට ගිහිං බලලා එන්නම් ඒ පැත්ත .... තව විනාඩි දහයක් ඇතුලත ලෑස්ති වෙලා ඉවරවෙන්න .... "
නම්ජුන් වෙලාවත් බලමින් කියාගෙනම නම්යන්වත් වඩාගෙන ගියේ ලියෑන්ට ඔහුවත් දීලා වෙඩින් හෝල් එකට යන්න හිතාගෙන .....
ඔහු ඒ හෝටලයේම තවත් තට්ටුවක තියෙන මනමාලියන් අදින කාමරයට ගිහිං දොරට තට්ටු කරද්දී දොර ඇරියේ ලියෑන්මයි ....
" ඔහ් නෝ .... "
" යේ ... මෙයාව ගන්නකෝ බරයි .... "
" යාහ් මාව උස්සද්දී බර නෑ කිව්වේ මේ ලමයව උස්සන් ඉන්න බැරිද ..."
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹